කොරෝනා මරණ අආදාහනය කිරීමට විරුද්ධව හිටපු පාර්ලිමේන්තු මංත්‍රී මංගල සමරවීර තවත් කිහිපදෙනෙකුගේ සහබාගිත්වයෙන් ඊයේ (13) සවස බොරැල්ල කනත්තේ වැටේ සුදු රෙදි පටි ගැටගසා තිබෙනවා.
කොරෝනා වෛරසය ආසාදනය වූ දින 20ක් වයසැති දරුවෙකු ආදාහනය කළ බවට චෝදනා කරමින් ජනතාව සංවේදී කර අදාහනයට විරුද්ධව මහා විරෝධතාවයක් සිදුකරන බවට ප්රචාරක කටයුතු සිදුකල ද මේ සඳහා සහභාගී වී ඇත්තේ 10 දෙනෙකුටත් අඩු පිරිසකි.
මුස්ලිම් සමාජය දිගින් දිගටම කොරෝනා මුස්ලිම් මරණ භූමිදානය කිරීමට ඉල්ලා සිටින අතර විද්‍යාඥයින් කිසිසේත්ම එය සිදු නොකළයුතු බවට කරුණු දක්වනවා. නමුත් විද්‍යාවට එහා ගිය ආගමික විශ්වාසයක් වෙනුවෙන් දිගින් දිගටම එම සමාජය සියලු ශක්තීන් යොදවමින් රජයට බලපෑම් කරමින් සිටියි.