Covid 19

ගෙවුණු දිනයේ ආසාදිතයින් 655 ක් – වැඩිම ආසාදිතයින් කොළඹින්

කොළඹ දිස්ත්‍රික්කයෙන් නව කොවිඩ් -19 ආසාදිතයින් 444 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ ඊයේ (13) දිනයේ හඳුනාගැණුනු නව ආසාදිතයින් 655 දෙනා අතරින් ය.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 75 දෙනෙකු සහ අම්පාර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 41 දෙනෙකු ද ඊයේ දිනයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් අතරට අයත්ය.

ඊයේ දින හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් 655 දෙනා අතරින් 05 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ.

ඒ, එක්සත් රාජධානියේ සිට පැමිණි පුද්ගලයින් සිව්දෙනෙකු සහ අබුඩාබිහි සිට පැමිණි එක් අයෙකු ය.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 32,789 දක්වා ඉහළ ගොස් තිබේ. ඉන් පුද්ගලයින් 23,792ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 8,845කි.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 29,148ක් වන අතර ඉන් රෝගීන් 20,385ක් මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

මේ අතර මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ ගණන 152 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ කොවිඩ් ආසාදිතයින් හඳුනාගත් ප්‍රදේශ පහතින් දැක්වේ.

කොළඹ – 444
ගම්පහ – 75
අම්පාර – 41
කුරුණෑගල – 22
කළුතර – 19
රත්නපුර – 05
අනුරාධපුර – 04
මාතලේ – 04
පුත්තලම – 03
මාතර – 02
මහනුවර – 01
මඩකලපුව – 01
ත්‍රීකුණාමලය – 01
මොනරාගල – 01

තවදුරටත් ප්‍රදේශය තහවුරු නොවූ ආසාදිතයින් – 27

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රී, ගජේන්ද්‍ර කුමාර්ටත් කොවිඩ්

colombotoday

ලං.ග.ම සේවකයින් 285කට කොවිඩ් පොසිටිව්

colombotoday

කොළඹින් ගිය පිරිසක් ගාල්ලේදී කොවිඩ් එන්නත් විදගෙන

colombotoday

මෙරට සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 3,700 ඉක්මවයි

colombotoday

තවත් කොරෝනා ආසාදිතයින් 7ක් සුවය ලබා රෝහලෙන් පිටව යයි

colombotoday

තවත් කොරෝනා ආසාදිතයින් 414ක් හදුනා ගනී

colombotoday