World

මාලදිවයින් ජනපතිවරණයේ විපක්ෂයේ අපේක්ෂක ඉදිරියෙන්

මාලදිවයින් ජනාධිපතිවරණයේ මෙතෙක් නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව විපක්ෂයේ අපේක්ෂක ඊබ්‍රහිම් මොහමෙද් සෝලි ඉදිරියට පැමිණ ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

මැතිවරණයෙන් ජනාධිපති අබ්දුල්ලා යමීන් නැවත වරක් ජයගනු ඇතැයි පැවැසුණු අතර මැතිවරණය නිදහස් හා සාධාරණ නොවූ බව ද ජාත්‍යන්තරය ඇතුළු බොහෝ පාර්ශව චෝදනා කළහ.

කෙසේ නමුත් මෙතෙක් ප්‍රකාශයට පත් කර තිබෙන ප්‍රතිඵල අනුව ජනාධිපති අබ්දුල්ලා යමීන්ට වඩා සියයට 15ක් ඉදිරියෙන් සිටීමට විපක්ෂයේ අපේක්ෂක ඊබ්‍රහිම් මොහොමෙද් සෝලි සමත්ව ඇතැයි එරට මාධ්‍ය සඳහන් කරයි.

ඡන්ද පෙට්ටි 472න් 250ක ඡන්දය ගණනය කර අවසන් බවත් ඒ අනුව විපක්ෂයේ අපේක්ෂක ඊබ්‍රහීම්, ජනාධිපති අබ්දුල්ලා යමීන්ට වඩා සියයට 15.4ක් ඉදිරියෙන් සිටින්නේ යැයි මාලදිවයිනේ ‘මිහාරු’ පුවත් සේවය වාර්තා කළේය. තවත් ඡන්ද පෙට්ටි 222ක ඡන්දය ගණනය කිරීමට නියමිතය. ඒ අනුව ප්‍රකාශිත ඡන්ද 130,000 ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිත බව පැවසේ.

‘මාලිදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (එම්.ඩී.පී)’ නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ඊබ්‍රහිම් මොහොමෙද් සෝලි සමස්ත ඡන්දයෙන් සියයට 63ක ප්‍රතිශතයක් හිමි කරගෙන ජනාධිපතිවරණය ජයගෙන ඇතැයි මාලදිවයිනේ ආරංචි මාර්ග උපුටා දක්වමින් වාර්තා කර තිබිණි.

තම පක්ෂයට සහාය ලැබෙන ප්‍රදේශ කිහිපයකම ප්‍රතිඵල නිකුත් වී නැතැයි ජනාධිපති අබ්දුල්ලා යමීන්ගේ පක්ෂය වන ‘මාලදිවයින් ප්‍රගතිශීලි පක්ෂයේ (පී.පී.පී)’ නිලධරයෙක් කීය.

Related posts

“සමලිංගිකත්වය යනු දෙවියන් වහන්සේගේ කැමැත්තයි“ – පෝලන්ත දේවගැතිවරයෙක් කියයි

colombotoday

ලොව පුරා මුස්ලිම් මිලියන 50ක් ගැන බියකරු අනාවරණයක් !!

colombotoday

කොරෝනා නිසා මුලු කුවේටයටම ඇඳිරිනීතිය

colombotoday

මෙක්සිකෝවේ ප්‍රබල භුකම්පනයක්

Admin

ජපානය අසල භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් මුහුදුබත් වෙයි

Admin

බංගලාදේශ‌යේ සිසුවියක පුළුස්සා ඝාතනය කළ 16කට මරණ දඬුවම

colombotoday