Colombo Today Local NewsTop Stories

VIdeo: අද ජවිපෙ වික්‍රමසිංහගේ බලල් අතක් වෙලා – මෛත්‍රි ගුණරත්න

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට කරන යෝජනවා ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ආවත් මෙහි ඇත්ත උවමනාව තිබෙන්නේ අගැමැති රනිල් වික්‍රමසිංහ මහතාට බව එක්සත් ජාතික නිදහස් පෙරමුණ පවසනවා Colombo Today වෙත අදහස් දක්වමින් එම පක්ෂයේ ප්‍රධාන ලේකම් මෛත්‍රි ගුණරත්න මහතා මේ බව කියා සිටියේය.

එහිදී අදහස් දක්වමින් ඔහු මෙසේද කියා සිටියේය.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමු කියන යෝජනාව ඉදිරිපත් කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ වුණත් එහි පිටුපස ඉන්නේ අගමැති වික්‍රමසිංහ බව පැහැදිලියි. රට විකිණීම වගේම රට බෙදා වෙන් කිරීම මහ බැංකු වංචාව වගේ සොරකම් වලටත් විධායක ජනාධිපතිකම බාධාවක්. ඉතිරි කාලය බාධාවකින් තොරව රටට අහිතකර න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන්න තමයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න හදන්නේ.
13 වැනි සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණයේ විමසුමට ලක්‌වූ අවස්‌ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ අග විනිසුරු ෂර්වානන්ද ප්‍රමුඛ බහුතර විනිසුරුවරුන්ගේ මතය වූයේ රටේ ව්‍යවස්‌ථාවේ 154(4)2 වගන්තියට අනුව ආණ්‌ඩුකාරවරයා ජනාධිපතිවරයාගේ විධායක බලයට අනුව තම පළාත තුළ විධායක බලය ක්‍රියාත්මක කරන නිසා 13 න් ශ්‍රී ලංකාවේ ඒකීය බව නොනැසී රැකී තිබෙන බවය. කරුණු එසේ නම් 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක වෙද්දීම විධායක ජනාධිපති ධුරය අහෝසි කළ හොත්, ඉහත තීරණය අනුව රටේ ඒකීයභාවය නැසෙන බව අමුතුවෙන් කිව යුතු නැහැ.

අනාගත පරපුරට රට රැක දෙන්න නම් විධායක ජනාධිපති ධූරය තවදුරටත් පවතින්න ඕනෑ කියන මතයේ තමයි අපි ඉන්නේ. මේ රටට තිබෙන එකම ආරක්ෂාව තමයි මේ විධායක ජනාධිපති ක්‍රමය. මේ විධායක ජනාධිපති ක්‍රමය කවුරුහරි කෙනෙක් අහෝසි කරන්නට උත්සහ කරනවානම් එක්සත් ජාතික නිදහස් පෙරමුණ විදිහට පැහැදිළිවම එයට විරෝධය පලකරනවා.
කිසිම සාකච්ඡාවකින් තොරව හදිස්සියේම මේ ක්‍රමය අහෝසි කරන්න තීන්දු කරන්න කාටවත් බෑ. මේ පිළිබඳ විද්වත් සංවාදයක් අවශ්‍යයි. විධායක ජනාධිපති ධූරය නිසා මේ රට ආරක්ෂා වූ අයුරු අපි ඉතිහාසයේ දැක තිබෙනවා. හදිසියෙන් වගේ මේ පිළිබද තීන්දු තීරණ ගන්න අපි කිසිවෙකුටවත් ඉඩ තියන්නේ නෑ. නීති විශාරදයින් ආචාර්යවරුන් දේශපාලන විද්‍යාඥයින් විධායක ජනාධිපති ක්‍රමයට පක්ෂව දක්වන කරුණු සැලකිල්ලෙන් අවධානයට යොමු කරන්න කියලා අපි සියළුම මන්ත්‍රිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.

13 වැනි සංශෝධනය බලපැවැත්වෙනතුරු. රට පෙඩරල් වීම වැළැක්‌වීමට නම් විධායක ජනාධිපති ධුරය අහෝසි නොකළ යුතුයි. එසේ නොමැති නම් පළාත් සභා පාලන බලතල හෝ ජනපති සතුව තිබිය යුතුය.කියලයි අපි කියන්නේ
මේක වික්‍රමසිංහ මහත්තයගේ තවත් කපටි ගේම් එකක් අපි සමස්ත ජාතියෙන්ම ඉල්ලා සිටිනවා මේ උගුලට අහුවෙන්න එමා කියලා ඒ වගේම මේ පිළිබද දැඩි අවධානයකින් ඉදල රටට කරන්න යන මේ විනාශය ගැන රට දැනුම්වත් කරන්න අපිත් එක්ක එකතු වන්න කියලා අපි සමස්ථ ජාතියෙන්ම ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ ද්‍රෝහි යොජනාවට සහයොගය දෙන හැම කෙනාමටම අයිති ඉතිහාසයේ කුණු බක්කිය කියලා අපි මතක් කරන්න කැමති.

Related posts

කළුතාවලෙයි ළමා නිවාසයක දරුවන් 23කට කොරෝනා

colombotoday

පිංකමකට ගිය පොහොට්ටු මන්ත්‍රීගෙන් අහසට වෙඩි

colombotoday

වාහන අංක තහඩු හිඟයක්

Admin

කොරෝනා බවට තහවුරු වූ මිය ගිය පුතුගේ මෘත ශරීරයේ යළි PCR පරීක්ෂණයක් කරන්නැයි ඉල්ලා පියා අධිකරණයට යයි

colombotoday

දින 3කින් නිවසටම විදේශ ගමන් බලපත්‍රය ගෙන්වා ගන්න අයදුම් කිරීමේ නව ක්‍රමවේදයක්

Admin

බුදු පිළිමයක් වැඩම කරද්දී TNA මන්ත්‍රී ඇතුළු පිරිසකගෙන් විරෝධය… බුදු පිළිමය පොලිසිය භාරයට…

colombotoday