Colombo Today Local News

පාර්ලිමේන්තුව සුවඳ හමන මල් විලක් කරනවා

මෙතෙක් කල් දූෂිතයන් පිරී සිටි පාර්ලිමේන්තුව ඉදිරි මහ මැතිවරණයෙන් පසුව සුවඳ හමන මල් විලක් බවට පත් කරන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නලින් හේවගේ මහතා සඳහන් කරයි.

ඔහු මේ බව පැවසුවේ මාධ්‍ය හමුවක් අමතමිනි.

“වෙනත් දේශපාලන පක්ෂවල පතාක යෝධයෝ විශාල ප්‍රමාණයක් මේ පාර ඡන්දෙ ඉල්ලන්නෙ නෑ. මොකද ඉල්ලන්න ඔවුන්ට ගමට යන්න බෑ. ඉල්ලන කට්ටියටත් වෙන්නෙ අනිවාර්යයෙන්ම පැදුරු කොට්ට අකුළන් ගෙදර යන්න.

ඊගාව මැතිවරණයෙන් මේ දූෂිත පාර්ලිමේන්තුව ඉතාම පිරිසිදු මල් විලක් බවට පරිවර්තනය කරන්න ජනතාව ලහිලහියේ සූදානම් වෙනවා. ලංකාවේ අසිරිමත් පාර්ලිමේන්තුවක් බලාගන්න පුළුවන්.

අපි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා, විශේෂයෙන්ම මේ මැතිවරණය ඉවර වූ සැණින් ජීවන බර සැලකිය යුතු ප්‍රමාණයකින් අවම කරන්න අපි විශාල තීන්දු තීරණ ටිකක් අරගෙන තියෙනවා අපි, ඒ ටික ක්‍රියාත්මක කරනවා.”

Related posts

සහල් ආනයනට පෞද්ගලික අංශයට අවසර

Admin

පරිසර ඇමතිට එරෙහිව විනය ක්‍රියාමාර්ග

colombotoday

දිවයිනේ සියලු පාසල් හෙට වසා තැබෙයි

colombotoday

රෝහල් තුළ මෘත ශරීරාගාරවල තදබදයක් – කළුතර සියලු ආදාහනාගාරය පැය 24ම ක්‍රියාත්මකයි

colombotoday

ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසුව ලියාපදිංචි කොටස් – සුරැකුම්පත් ගැන ගැසට් පත්‍රයක් නිකුත් කරයි

Admin

තහනම ඉවතට.. තැබෑරුම්වලින් මත්පැන් මිළදී ගැනීමට, විකිණීමට අද පටන් කාන්තාවන්ටත් අවසර !

colombotoday