Colombo Today Local News

මෛත්‍රීගේ තීරණයට චන්ද්‍රිකා එරෙහි වෙයි… රැස්වීමෙන් නැගිට යන්න යයි…

2020 වනතුරු කෙසේ හෝ ජාතික ආණ්ඩුවේ සිටිය යුතුය යන හිටපු ජනාධිපතිනියගේ යෝජනාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩිලෙස විරෝධය දක්වා තිබේ.

පසුගියදා පැවති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී අදහස් දක්වමින් ජනාදිපතිවරයා පවසා ඇත්තේ “2020 වනතුරු ජාතික ආණ්ඩුවේ සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහරුන්ට වුවමනා වී තිබුණද එසේ සිටියොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කුණු වී දිය වී යනු ඇති බව“

ජනාධිපතිවරයා එලෙස ප්‍රකාශ කරනවාත් සමඟම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය රැස්වීමෙන් පිටව ගොස් තිබේ.

ජාතික ආණ්ඩුවෙන් ඉවත් වෙනවාද නැද්ද සම්බන්ධයෙන් දැනට ජාතික ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇමැතිවරුන් 23 දෙනා කඩිනමින් තීන්දුවක් ගත යුතු බව ජනාධිපතිවරයා මෙම මධ්‍යම කාරක සභා රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

ජාතික ආණ්ඩුවේ වැඩි කාලයක් රැඳී සිටීම දේශපාලනමය වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට අවාසියක් බවත් මේ සියලු කරුණු සලකා බලා සියලුමදෙනා එක් තීරණයක් ගැනීම වැදගත් බවත් ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනතාව අතරට ගෙනයා හැකි පරිදි ප්‍රතිසංවිධාන කටයුතු සිදුවිය යුතු බවත් ඒ ගැන පාක්‍ෂිකයන් දැඩි අවධානයකින් බලා සිටින බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර ඇත.

Related posts

සුරුට්ටු උර උරා ඉඳලා මුදල් ඇමැතිකම් කරන්න පුළුවන්ද…? – රවී අවි අමෝරයි

colombotoday

මංගල ප්‍රතිත්‍රස්ත පනත ගෙනආවේ කොටි ඩයස්පොරාවේ උවමනාවටයි..

colombotoday

ජල නළය පිපිරි කොටන රත්නපුර ප්‍රධාන මහා මාර්යට හානි… ප්‍රදේශ රැසකට ජලය නවතී.

colombotoday

හෙට සිට වැඩ වර්ජනයක් ආරම්භ කරන බව වරාය වෘත්තීය සමිති අනතුරු අඟවයි

colombotoday

ජීවිත අවදානම තවමත් එළෙසමයි.. හමුදා ආරක්ෂාව ඉවත් කරන්න එපා

colombotoday

“තවත් සතියක් හෝ දෙකක් මුළු රටම අගුළු දමන්න” – රනිල්ගෙන් ඉල්ලීමක්

colombotoday