Colombo Today Local News

බැසිල්ගේ පුරෝහිතට විමල් පිළෙන් ප්‍රහාරයක්..

බැසිල් රාජපක්ෂ මහතාට සමීපව කටයුතු කරන, පොදු ජන පෙරමුණේ උපදේශකයෙකු ලෙස පෙනී සිටින සබරගමු විශ්වවිද්‍යාලයේ ආචාර්ය මහින්ද පතිරණ මහතා සිය ෆේස්බුක් ගිණුමේ සදහන් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතාට හිතවත් ක්‍රියාකාරීන්ගෙන් දැඩි විවේචනයක් එල්ල වී තිබෙනවා.

ඊයේ 19 හිරු රූපවාහිනියේ “සලකුන“ දේශපාලන වැඩසටහනේදී විමල් වීරවංශ මහතා සිදුකළ ප්‍රකාශයක් සරදමට ලක් කරමින් ආචාර්යවරයා කළ ප්‍රකාශයකටයි මෙලෙස විරෝධය එල්ල වී තිබෙන්නේ.

මහින්ද පතිරණ ආචාර්යවරයාගේ ප්‍රකාශය පිළිබදව ජාතික නිදහස් පෙරමුණේ ප්‍රබල ක්‍රියාකාරිකයෙක් වන කැලුම් ජයසුමන මහතා අදහස් දක්වා තිබෙන්නේ මෙලෙසයි.

මහින්ද පතිරණ ආචාර්යවරයා ඇතැම්විට දක්ව අදහස් පිළිබදව ජාතිකවාදී පාර්ශවවලින්ද යම් විවේචන එල්ලවෙන අතර ෆෙඩරල් මතධාරියෙක් වන ඔහු  ඊනියා ජාතිකවාදී හැවක් පොරවාගෙන සිටින්නෙකුයැයිද මහින්ද හිතවාදී පාර්ශවලින්ද චෝදනාවට ලක්වෙයි. වරක් අතිපූජ්‍ය ගංගොඩවිල සෝම සමිදුන් ඔහු හදුන්වා තිබුණේ ‘සෝම භික්ෂුව වැනි ජාතිවාදීන්“ යනුවෙනි.  දින කිහිපයකට පෙර “ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට දුටු තැන පහර දී පන්නා දැමිය යුතුයැයි“ ද ඔහු කළ ප්‍රකාශයක් විවේචනයට ලක්ව තිබිණි.

අචාර්ය මහින්ද පතිරණගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පොදුජන පෙරමුණට හිතවත් තවත් ක්‍රියාකාරිකයෙක් තබා තබා තිබුණේ මෙවැනි සටහනකි.

විමල්ගෙන් ප්‍රශ්නයක් අහනවා “බැසිල් රාජපක්ෂ මහත්තයා පොහොට්ටුව හැදුවෙ නැත්තං කොහොමද ඔය ප්‍රතිපලය ගන්නෙ?”

විමල් ඒකට උත්තර දෙනවා “..මෙහෙමයි..බැසිල් රාජපක්ෂ මහත්තයා පොහොට්ටුව හැදුවත් නැතත් ඔය ප්‍රතිපලය ගන්නවා. මීට අවුරුදු තුනකට කලින් එතුමා ලංකාවෙ නැති වෙලාවෙ ස්වයං ජනතා නැගිටීමක් නුගේගොඩින් ආරම්භ වුනා. අපි ඒකට මුල් වුනා කියලා ඒකෙ අයිතිවාසිකම අපිට ගන්නත් බෑ. මේක ජනතාව විසින් මහිංද රාජපක්ෂ මහත්තයා වෙනුවෙන් කරපු නැගිටීමක්..”

මේක වැරදි නං මොකක්ද මේකට දිය යුතු උත්තරේ? බැසිල් පොහොට්ටුව හැදුවෙ නැත්තං මේ ප්‍රතිපලේ ගන්න බෑ කියන එකද?

(මේක සැකහැර දැන ගන්න අවෂ්‍ය අය සලකුන වැඩසටහනේ 8:30 ඉඳන් බලන්න)

අහපු ප්‍රශ්නෙට දීපු උත්තරේ විමල් කිසි වෙලාවක බැසිල් ව අවතක්සේරු කිරීමක් කරලා නෑ.

ඔන්න ඕක තමයි, සංදර්භය වෙනස් කරලා, ගැටුම් ඇති කරන විදියට twist එකක් දාල මහිංද පතිරණ මහත්තයා පොස්ට් එකක් හදලා තියෙන්නෙ. විවිධ තනතුරු වරප්‍රසාද බලාපොරොත්තුවෙන් මේ වගේ කේලම් පතුරවලා පොහොට්ටුව බේද භින්න කරන අයගෙන් පරිස්සං වෙන එක බැසිල් රාජපක්ෂ ඇතුළු හැමෝට හොඳයි. සැබෑ ලෙසම පොහොට්ටුවෙ ඉදිරි අභිවෘද්ධිය පතන කෙනෙක් කවදාවත් මේ වගේ කේලම් පතුරුවන්නෙ නෑ. කේලම් කාරයො කොහෙත් ඉන්නවා. ඒ අය හඳුනාගෙන අවෂ්‍ය දේට පමණක් භාවිතා කර අතේ දුරින් තබා ගැනීමේ හැකියාව පොහොට්ටු නායකත්වයට තියෙන්නෙ ඕන.

හිරු සලකුණේ විමල්ගේ ප්‍රකාශය

Related posts

දළදා මාලිගාවටත් ඉහළින් යන පල්ලියක් හදන්න ගිය අයට මල්වතු අනු නාහිමි කීව දේ – සම්පූර්ණ වීඩියෝව

colombotoday

ජනපති ආඥා අදාළ නැහැ.. හයිබ්‍රිඩ් යාන්ත්‍රණය ක්‍රියාත්මක කරනවා.. විදේශ ඇමති ජිනීවාහී දී සහතික වෙයි

colombotoday

තරුණයෙක්ගේ ගිණුමට රුපියල් මිලියන 136ක් | මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට

colombotoday

ත්‍රී රෝද රථයක ගැටී සුපිරි මෝටර් රථයක්‌ ගිනි ගනී.. බීමත් රියදුරුට ඇප

colombotoday

කදිරානවත්තේ ගෝනා අල්ලයි

Admin

නැගෙනහිර විශ්වවිද්‍යාලයට සහ ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයට නව පත්වීම් දෙකක්

colombotoday