Colombo Today Local News

උදයංගව අපි ගෙන්නලා දෙනවා, අර්ජුන් මහෙන්ද්‍රනුත් ගේන්න – මහින්ද රනිල්ට කියයි

තමන පාලන සමයේ සිදු වූ මිග් යානා ගනුදෙනුවේ සිදුව ඇති වංචාව සම්බන්ධයෙන් සිදුකරණ පරීක්ෂණවලට අදාළව අධිකරණයෙන් ජාත්‍යන්තර වරෙන්තු ලබා සිටින උදයංග වීරතුංග මහතාව තමන් විසින් ගෙන්වා දීමට සූදානම් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තමන්ගේ හිතවතා වන මහ බැංකුවේ බැඳුම්කර වංචාවට සම්බන්ධ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාව ගෙන්වාදීමේ කටයුත්ත සිදු කළ යුතු බව මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (18) අනුරාධපුරයේදි මාධ්‍යවේදීන් ඇසූ පැනයකට පිළිතුරු දෙමින් සඳහන් කර තිබේ.

මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාටද ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කර තිබේ.

“ආණ්ඩුවට ගෙන්වගන්න බැරි උදයංගව අපි ගෙන්නලා දෙනවා. අපි කිව්ව උදයංගට එන්න කියලා. මිනිහ දැන් ඒවි. ඉතින් ආණ්ඩුවට කරන්න බැහැනේ. ඒ වගේ අගමැතිතුමාටත් කියන්න ඇහැකි. එයාගෙ යාලුවනේ.” යනුවෙන් ප්‍රකාශ කර තිබේ.

උදයංග වීරතුංග මහතා මහින්ද රාජපක්ෂ පාලන සමයේ රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළේය.

උදයංග වීරතුංග, අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය සහ අර්ජුන් මහේන්ද්‍රන් යන දෙදෙනාම මේ වනවිට අධිකරණය මගහැර විදේශගතව සිටිති.

Related posts

විදුලි බිල 30%කින් අඩු කරනවා කිවුවේ වසර 5කින්

Admin

ආණ්ඩු පක්ෂ අතර සාකච්ඡාවක්

colombotoday

විදුලියට එරෙහිව මානව හිමිකම් පෙත්සම් ගසයි!

Admin

“වාහේ වෙයන් නුවරට ගොස් මවට තගේ“ ප්‍රහාරය දරුණුයි.. මයික් ඔෆ් කරන්නැයි ෆොන්සේකා කෑ ගසයි

colombotoday

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයක් කොවිඩ් ආසාදනය වී මරුට

colombotoday

ආර්යාව භාර්යාව කතා කිවුවට ගමේ මිනිස්සු ඉන්නේ සජිත් ප්‍රේමදාස එක්ක. හරින් ප්‍රනාන්දු

colombotoday