Colombo Today Local News

ඥාණසාර හිමි සිරගතකර චීවරය ගලවද්දී, උසාවියට ගල් ගැසූ අය නිදැල්ලේ… නීතිය කාටත් සමානලු !

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සම්බන්ධයෙන් කරුණු දක්වමින් හෙල බොදු සවිය සංවිධානය විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර ඇත.

අතිගරු ජනාධිපති

පුජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමි සම්බන්ධවයි.

දණ්ඩ නීති සංග්‍රහයේ අංක 386 සහ අංක 486 යටතේ පිළිවෙලින් සාපරාධී අඩන්තේට්ටම් කිරීම සහ සාපරාධී බිය ගැන්වීම යන චෝදනාවලට වරදකරු බව අධිකරණයේ නිග‍මනය වී  ඇත. මෙවැනි කාරණා සම්බන්ධයෙන් පැනනැගී ඇති නීතිමය කරුණු ඉතා පරිස්සමෙන් හා ඉවසීමෙන් කටයුතු කළයුතු බව සිහිපත් කළ යුතුය. රටක නීති පද්ධතිය ශක්තිමත් වීම හා බුදුන් වහන්සේ රටේ නීතියට ගරු කළ යුතුය යන බුද්ධ නියමය වන අතර අද පවතින ලෝක සම්මුතින් හා රාජ්‍ය නොවන සංවිධාන රාජ්‍යයට කරන බලපෑම මෙහිදි අප විසින් අවබෝධ කරගත යුතුය. ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ආවේගකාරී හැසිරීම් රටාව සහ අදහස් ප්‍රකාශනයේ ශෛලය අප කිසිසේත් අනුමත නොකරන අතර උන්වහන්සේගේ විසින් දරණ මතවාදය බැහැර නොකරන බවද අවධානය කරමු.

අප ද ඉතා දිගු කලක සිට කියා සිටින්නේ රටකට එක නීති පද්ධතයක් අවශ්‍ය බවයි. එහෙත් අප රට තුළ ජාතින් අනුව නීති පද්ධතියට වෙනස් කරගෙන ඇත. නැගෙනහිර පළාතේ හා උතුරු පළාතේ අධිකරණ පද්ධතින්ට ගල්ගසන අයුරු අප විද්‍යුත් ජනමාධ්‍ය තුලින් දැක ගත හැකි විය. ධනය බලය ඇති අය සදහා නීතිය  ක්‍රියා කරන අයුරු මෙරට පොදු ජනතාවගේ අපැහැදිලිතාවක් තිබෙන බව පොදුවේ පිළිගත යුතු  කරුණකි. මෙවැනි සිදු වීම් මගින් රට අරාජික වී දේශපාලන හා ආර්ථික වාසි ලබා ගැනිමට කටයුතු කරන පිරිසක් ද සිටින බව අප මතක තබා ගත යුතුය.

මෙහි දි ශාසනික සම්ප්‍රදායන් අනුව විනය ක්‍රියාමාර්ග මත භික්ෂු වහන්සේගේ  සිවුර ගැලවිම සිදු කළ නොහැකිය. බුදුන් දවස වැඩ සිටි දේවදත්ත හිමි, පාරාජිකා වු සුදින්න හිමි, මෙන්ම උදායි හාමුදුරුවන්ගේ ක්‍රියා කලාපය තථාගතයන් වහන්සේ බැහැර කළ ද සිවුර ගැලවිමට ක්‍රියා නොකලහ. යටත්විජිත සමයේ දි  පුජ්‍ය වාරියපොල සුමංගල හිමියන් යාපනයට ගොස් සිරගත කළ ද සිවුරු ගැලවිමට ක්‍රියා නොකලහ. කොලොන්නාවේ තෙල් ටැංකියට ප්‍රහාර එල්ල කිරිමට ගෙනා ලොරි රථය තබා ගැනිමේ වරද, ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරිමේ වරදට ද හසු වූ උන්වහන්සේලාගේ දෙනමගේ සිවුරු ගැලවීමක් සිදු නොවිය.

මෙම සිදුවිම ආදර්ශයට ගෙන දැනට අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බැවින් ඒ පනත හරහා ම  ත්‍රෛනිකායික දැන උගත් මහා සංඝයාගේ මැදිහත් වීමෙන් ශාසනික අනන්‍යතාවයකින් හෙබි නෛතික රාමුවකින් සමන්විත සංඝාධිකරණයක් ඇති කිරිමේ බලවත් අවශ්‍යතාවක් පැන නැගී ඇත. එසේ නොකර ඤාණසාර හිමියන් සිවුර ඉවත් කර සිරබත් කෑමට යොමු කිරිමෙන් බෞද්ධයන් තුළ  ගොඩනැගි ඇති  ගැටළු සදහා විසදුමක් නොවන බව මෙහිදි  අපි දැඩි සේ අවධානය කර සිටිමු.

තෙරුවන් සරණයි!

බුදුගල ජිනවංස හිමි
සභාපති

Related posts

මෝටර් රථයක් පාලමක් අසලින් ගඟට පෙරළෙයි

Admin

තිදරු මවකගේ අසම්මත පෙම මරණින් කෙලවර වෙයි

colombotoday

නාලක කෝට්ටේගොඩටත් කොවිඩ්

colombotoday

කොළඹ කොටස් වෙළදපොළ බිමටම ඇද වැටෙයි. මාස 18කට පසු අඩුම අගය ඊයේ

colombotoday

නව අගවිනිසුරු ලෙස නලින් පෙරේරා.. ජනපති නිර්දේශ කරයි…

colombotoday

මට තමුසෙව වෙන ලෝකෙකට අරින්නත් පුළුවන්. දොස්තර උඹ පරිස්සම් වෙලා හිටපන්. – රිෂාඩ්ගෙන් බන්ධනාගාර වෛද්‍යවරයෙකුට මරණ තර්ජන

colombotoday