Colombo Today Sports News

LPL – පළමු තරගයේ ජය ඉසුරු උදාන කොළඹට ගෙනෙයි

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ ජය සුපිරි පන්දුවාරයෙන් තමන් සතු කරගැනීමට කලම්බු කින්ග්ස් කණ්ඩායම සමත් විය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 03ක් දැවී ලකුණු 219ක් රැස්කර ගැනීමට හැකිවිය.

එම ඉනිම වෙනුවෙන් නායක කුසල් ජනිත් පෙරේරා ලකුණු 87 රැස් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කලම්බු කින්ග්ස් කණ්ඩායම ද නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 219ක් රැස්කිරීම හේතුවෙන් තරගයේ කණ්ඩායම් දෙකේම ලකුණු සම විය.

එහිදී දිනේෂ් චන්දිමාල් ලකුණු 80ක් රැස් කළේය.

පන්දු 19 කදී ජයග්‍රහණය සඳහා ලකුණු 57 ක් ලබා ගැනීමේ අභියෝගය කරට ගෙන පිටියට පිවිසි ඉසුරු උදාන හයේ පහර 4ක් සමඟින් පන්දු 12 කදී ලකුණු 34ක් ලබා ගත්තේ කිසිවකුත් බලාපොරොත්තු නොවූ අයුරිනි. එම ඉනිමත් සමග පෙනි පෙනී තිබූ පරාජය ජයග්‍රහණයක් දක්වා පරිවර්තනය කර ගැනීමට ඔහු සමත්වූවේය.

අවසානයේ දෙපිළේ ලකුණු සම වූ බැවින් ක්‍රියාත්මක වුණු සුපිරි පන්දුවායේ දී කලම්බු කින්ග්ස් කණ්ඩායම ලකුණු 16ක් ලබාගත් අතර පිළිතුරු ලෙස කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට ලබාගත හැකිවුයේ ලකුණු 12ක් පමණකි.

Related posts

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට ගිය 10ක් අතුරුදන්

colombotoday

සුගතදාස හෝටල් පරිශ්‍රයේ විනය විරෝධිව හැසිරුණු ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකුට පුහුණුකරුට හා කළමනාකරුට දඬුවම්.

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් සුපිරි වේග පන්දු ක්‍රීඩක ලසිත් මාලිංගගෙන් ආන්දෝලනාත්මක Facebook සටහනක්

colombotoday

අයි.සී.සී. දූෂණ මර්ධන ඒකකයෙන් සනත් ජයසූරියට චෝදනා

colombotoday

බෝලය බැට් එකේ වද්දවා ගැනීමේ දැඩි උත්සාහයක. – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලොවක් සිනාසෙයි

colombotoday

ඉන්දු – ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය දින 4කින් කල් යයි

colombotoday