Colombo Today Local News

අන්‍යාගම්කරණයට ලක් කරන ආගමික මධ්‍යස්ථානවලට එරෙහිව නීතිමය පියවර

බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අවධානය ජනතාව අන්‍යාගම්කරණයට ලක් කරන ආගමික මධ්‍යස්ථානවලට එරෙහිව නීතිමය පියවර ගැනීමට යොමුව තිබේ.

පොලිස්පතිවරයාට ලිපියක් යොමු කරන ලෙසට ඇමතිවරයා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබා දී ඇත්තේ ලියාපදිංචි නොවන ආගමික මධ්‍යස්ථාන වැටලීමට පොලිස් දෙපාර්තමේන්තුවේ සහය ලබා ගැනීමට විෂය භාර ඇමති විදුර වික්‍රමනායක තීරණය කර ඇති බවයි.

ශ්‍රී ලංකාවේ සංඝ නිකාය පාර්ශ්වයන්හි ලේඛකාධිකාරි නායක හිමිවරුන් සමග අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී වික්‍රමනායක ඇමතිවරයා මේ බව දැනුම් දී ඇත.

මහා සංඝරත්නය සහ ඇමති විදුර වික්‍රමනායක අතර මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුනේ ආගමික සිද්ධස්ථාන හා භික්ෂුන් වහන්සේ සම්බන්ධ ගැටලු, ආගමික විකෘතිතා සම්බන්ධයෙන් ඉදිරියේදී ගතයුතු පියවර සම්බන්ධයෙන් යන කරුණු වේ.

එමෙන් ම ගුවන් ගමන් බලපත්‍රයේ හා ජාතික හැඳුනුම්පතෙහි භික්ෂුන් වහන්සේ හා සිල් මෑණියන් වහන්සේගේ නාමයන් ඇතුළත් කිරීමේදී භික්ෂුන් වහන්සේ සඳහා Venerable ලෙසත් සිල් මෑණියන් වහන්සේ සඳහා Reverend ලෙසත් යෙදීමට එහිදී තීරණය කළ බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ය.

Related posts

දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසමට රනිල් ව කැඳවයි

colombotoday

ආපදා තත්ත්වය ගැන ජනපති දුක් වෙයි.. ආපදා ඇමතිත් රට.. අගමැතිත් රට යන්න ලෑස්ති !

colombotoday

මංගල පොදු දේපල අවභාවිතා චෝදනා පිලිගනී.. දෙවන දිනටත් CIDයට

colombotoday

මල් වෙඩිල්ලක් පොලිස් ජීප්රිය ඇතුලේ පත්තුවෙයි

Admin

ඓතිහාසික මිහින්තලා පුදබිමේ ආරක්ෂාව ඉවත් කරලා

Admin

යාපනේ කොවිල් පෙරහැරක ඊළාම් සිතියම ප්‍රදර්ශනය කරයි…

colombotoday