Colombo Today Local News

ඓතිහාසික මිහින්තලා පුදබිමේ ආරක්ෂාව ඉවත් කරලා

ඓතිහාසික මිහින්තලා පුදබිමේ ඉදිකිරීම් කටයුතු වල නියැලුණ හා ආරක්ෂාව සඳහා යොදවා තිබූ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයන්,යුධ හමුදා සෙබළුන් කිසිදු දැනුම් දීමකින් තොරව ඉවත් කර ඇති බව මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති.

ඓතිහාසික මිහින්තලා පුදබිමේ ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා යොදවා තිබුණේ යුද හා නාවික හමුදාව ඇතුළු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයන් පිරිසකි.

කිසිදු දැනුම් දීමකින් තොරව මෙම සෙබළුන් ඉවත් කිරීම පිළිබඳව ඓතිහාසික මිහින්තලා රජ මහා විහාරස්ථානයේ ආරක්ෂාව පිළිබඳව පැන නැගෙනුයේ විශාල ගැටළුවක් බව නා හිමියෝ අවධාරණය කරති.

මෙසේ සිදු වීමට හේතුව ජාතික හෝ ජාත්‍යන්තර මැදිහත්වීමක් දැයි උන්වහන්සේ කරුණු විමසයි.

මිහින්තලා පුද බිමේ පිහිටි ධාතු මන්දිරයේ ඉදිරි දොරටුව ගලවා ඉවත් කිරීමෙන් පසු, එහි සේවය කළ සෙබළුන් ඉවත් වීම නිසා, මහ රහතන් වහන්සේලාගේ ධාතුන්, භෂ්මාවශේෂ, රනින් නිම කරන ලද සතර වරම් දෙවියන්ගේ ප්‍රතිමා, පෙරදා මිහිඳු මහරහතන් වහන්සේ පුද පූජා පැවැත් වූ ස්වර්ණමය බුද්ධ ප්‍රතිමාව, කිලෝ සියයකට අධික බරකින් යුත් පස් ලෝ ප්‍රතිමා කිහිපයකද ආරක්ෂාව නැති වී ඇති බව නා හිමියෝ අවධාරණය කරති.

මෙම විහාරස්ථානයෙන් එකතු වෙන මුදල්වලට අමතරව දෙස්- විදෙස් ධානපතියන් ගෙන් ලැබෙන මුදල් එකතු කර අනාගත පරපුර වෙනුවෙන් ඉදි කරනු ලබන මෙම සිද්ධස්ථාන හිටි හැටියේ කඩා කප්පල් කිරීමට ගන්නා ලද තීරණය පිළිබඳව රටවාසීන් දැනගත දැන ගත යුතුව ඇතැයි උන්වහන්සේ කියති.

Related posts

නැගෙනහිර පර්යන්තය පිළිබඳ වෘත්තීය සමිති යෝජනා අද සාකච්ඡාවට

colombotoday

ලංකාවෙන්ම 1 වූ පොලිස් OICට දේශපාලන මාරුවක්

colombotoday

අධිකරණයට අපහාස : සරත් විජේසූරියට නොතීසි…

colombotoday

යාහපහුවත් මහින්දටයි.. ඒකාබද්ධය 74යි.. එජාපයට 14යි.. ශ්‍රීලනිපයට මොකුත් නැතිවෙයි

colombotoday

පාස්කු ප්‍රහාරය පිටුපස විදෙස් හස්තයක් ?

colombotoday

ඉඩම් නොමැති සියලු රණවිරුවන්ට රජයෙන් ඉඩම්

colombotoday