World

69 වන ඔස්කා සම්මාන උළෙල

96 වන ඔස්කා ඇකඩමි සම්මාන උළෙල මේ වන විට අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර පිහිටි ඩොල්බි රංග ශාලාවේ දී පැවැත්වුණි.

හොඳම සහාය නළුවා ලෙස Robert Downey Jr විසින් “Oppenheimer” චිත්‍රපටිය වෙනුවෙන් සම්මාන දිනාගැනීමට සමත් විය.

මෙහිදී හොඳම සහාය නිළිය ලෙස Da’Vine Joy Randolph, “The holdovers” චිත්‍රපටිය වෙනුවෙන් සම්මාන දිනා ගත්තාය.

හොඳම ජාත්‍යන්තර විශේෂාංග චිත්‍රපටිය ලෙස ‘‘ද සෝන් ඕෆ් ඉන්ටරෙස්ට්‘‘ චිත්‍රපටය සම්මාන හිමිකර ගත්තේය.

එහිදී එම චිත්‍රපටියේ පිටපත් රචකයා සහ අධ්‍යක්ෂකවරයා වු ජොනතන් ග්ලේසන්, ගාසා තීරයේ සිදුකරන අමානුෂික ප්‍රහාර සම්බන්ධයෙන් ද අදහස් පළ කළේය.

මේ අතර හොඳම ගීතයට හිමි සම්මානය හිමිකරගත්තේ “Barbie” චිත්‍රපටියේ “What Was I Made For” යන ගීතය රචනා කළ Billie Eilish සහ ඇයගේ සහෝදරයා වන Finneas O’Connell විසිනි.

“Poor Things” චිත්‍රපටයේ රඟපෑ Emma Stone හොඳම නිළිය ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවාය.

Cillian Murphy හොඳම නළුවා සම්මානය හිමි කර ගත්තේ “Oppenheimer” චිත්‍රපටය වෙනුවෙනි.

එමෙන්ම හොඳම අධ්‍යක්ෂණය සඳහා වූ සම්මානය හිමිකර ගත්තේ ද “Oppenheimer” චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ Christopher Nolan විසිනි.

96 වන ඔස්කා සම්මාන උළලේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය ද හිමිකර ගැනීමට සම්ත් වුයේ “Oppenheimer” චිත්‍රපටයයි.

මීට අමතරව Best Cinematography, Best Original Score, සහ Best editing යන සම්මාන ද හිමි වූයේ “Oppenheimer” චිත්‍රපටයටයි.

ඒ අනුව 96 වන ඔස්කා සම්මාන උළෙලේ නිර්දේශ වු සම්මාන 13න් සම්මාන7ක් “Oppenheimer” චිත්‍රපටය විසින් දිනාගැනීම සුවිශේෂී සිද්ධියක් විය.

Related posts

බ්‍රිතාන්‍යයට අලුත් අගමැතිවරයෙක් තෝරා ගැනීම අද

colombotoday

ගෝලීය කොවිඩ් ආසාදිතයන් ගණන එක්කෝටි විසිතුන් ලක්ෂය ඉක්මවයි

colombotoday

ඉන්දියාවෙන් පකිස්ථානයේ ප්‍රදේශයකට කිලෝ 1000 බරැති බෝම්බ හෙලයි !

colombotoday

පාකිස්ථානයේ සුෆී මුස්ලිම් පල්ලියකට ISIS ප්‍රහාරයක්… 70 බිලි !!

colombotoday

ගුවන් ප්‍රහාර දිගටම, රුසියානු ඇමරිකා ගැටුම උග්‍ර අතට

colombotoday

ඇෆ්ගනිස්ථානයේ පාසලක් ඉලක්කකර ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයක්. | 40 දෙනෙකු මරුට. බහුතරය ශිෂ්‍යාවන්

colombotoday