World

රුසියාවෙන් යුක්‍රේනයේ නගර කිහිපයකට ප්‍රහාර – ප්‍රහාරක ජෙට් යානා 5ක් සහ හෙලික්ප්ටරයක් බිම දැමූ බව යුක්‍රේනය කියයි.

රුසියානු ජනාධිපති පුටින් විසින් යුක්රේනයට එරෙහිව යුධ ප්‍රකාශ කිරීමෙන් අනතුරුව යුක්‍රේනයේ නගර කිහිපයකට ප්‍රහාර එල්ල කිරීමට එරට ආරක්ෂක අංශ තිබෙනවා.

ප්‍රහාර හේතුවෙන් සිදුව ඇති හානි පිළිබඳව තවමත් වාර්තා වී නොමැති අතර ප්‍රහාර එල්ල කිරීමට පැමිණි රුසියානු ප්‍රහාරක ජෙට් යානා 5ක් සහ හෙලික්ප්ටරයක් බිම දැමූ බව යුක්‍රේන හමුදාව උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

යුක්රේනයේ නැගෙනහිරවාරය නගරයක් වන මරියපෝල්, කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා, කියෙව්, කර්කොව්, ක‍්‍රමටොස්ක් සහ බර්ඞ්යාන්ස්ක් නගරවල‍ෙ පිපිරීම් සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රුසියානු ආරක්ෂක අමාත්‍යංශය රුසියානු හමුදා විසින් පහර දෙන ඉලක්ක ප‍්‍රකාශයට පත් කර ඇති අතර යුක්රේන හමුදා කඳවුරු, මිසයිල ආරක්ෂණ පද්ධති,ගුවන් හමුදා කඳවුරවලට රුසියානු හමුදාවේ ඉලක්කය නොවරදින ආයුද මගින් පහර දී ඇති බවයි. කිසිම විටකත් සිවිල් ජනතාව සිටින ස්ථානවලට පහර නොදෙන බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පැවසීය.

මනුෂ්‍යත්වයේ නාමයෙන් රුසියානු හමුදා ආපසු ගෙන්වන්න එක්සත් ජාතීන්ගේ ප‍්‍රධානි ඇන්ටෝනියෝ ගුටේරස් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගෙන් ඉල්ලයි.

මෙම සියවසේ දරුණුතම යුද්ධය යුරෝපයේ පටන් ගන්න දෙන්න එපා මෙය බලපාන්නේ යුක්රේනයට පමණක් නොවෙයි මෙය මුළු යුරෝපයටම බලපාන කාරණයක් ඒ නිසා මනුෂ්‍යත්වයේ නාමයෙන් රුසියානු හමුදා ආපසු කැඳවන්න එක්සත් ජාතීන්ගේ ප‍්‍රධානි ඇන්ටෝනියෝ ගුටේරස් පවසයි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සභාපති මෙන්ම එක්සත් ජාතීන්ගේ රුසියන් තානාපති වැසීලි නෙබෙන්සායා දැනටමත් විශේෂ හමුදා මෙහෙයුම පටන් ගෙන ඇති බව පිළිගෙන ඇත.

Related posts

VIDEO : රුසියාවෙන් දරුණු ප්‍රහාර – ISIS ඉලක්ක 263 විනාශයි

colombotoday

ටික් – ටොක් ව්‍යාපාරික සබඳතා අත්හරී

colombotoday

ඇමරිකාවේ මුස්ලිම් පූජකයෙක් මහමගදී වෙඩි තබා මරයි

colombotoday

ප්‍රමිතියෙන් තොර ආහාර පරිභෝජනයත් සමඟ ඇති වු ආසාත්මිකතා හේතුවෙන් නයිජීරියාවේ පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්ෂයට

colombotoday

යුක්‍රේන ජනපති යුද ආධාර ඉල්ලා අමෙරිකාවට

Admin

භාවිතයට නොගන්නා ගූගල් ගිණුම් වලට වෙන්න යන දේ

Admin