World

යුක්‍රේන ජනපති යුද ආධාර ඉල්ලා අමෙරිකාවට

යුක්‍රේන ජනාධිපති වොලොද්මීර් සෙලෙන්ස්කි අමෙරිකාවේ සංචාරයක නිරත වේ.

ඔහු අද (12)දින ධවල මන්දිරයේ දී ජනාධිපති ජෝ බයිඩන් සමග සාකච්ඡා කිරීමට නියමිතය.

යුක්‍රේනය සඳහා තවදුරටත් යුද ආධාර අවශ්‍ය බව සංචාරයට පෙර යුක්‍රේන ජනාධිපතිවරයා ආවේගශීලි ආයාචනයක් සිදුකරමින් ප්‍රකාශ කළේය.

යුක්‍රේනය සටන් කරන්නේ තම නිදහස සඳහා පමණක් නොව ගෝලීය ප්‍රජාතන්ත්‍රවාදය සඳහා බව හමුදා නිලධාරීන් පිරිසක් අමතමින් යුක්‍රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් යුක්‍රේනයට ඩොලර් බිලියන 60ක යුද ආධාර ලබාදීමට කොංග්‍රස් මණ්ඩලයෙන් ඉල්ලා සිටිය ද අවස්ථා කිහිපයකදී එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කෙරුණි.

යුක්‍රේන ජනාධිපතිවරයා මෙම සංචාරයේ දී කථානායක මයික් ජොන්සන් හමුවී යුද ආධාර ලබාගැනීම සඳහා වන ඉල්ලීම් ඉදිරිපත් කිරීමට ද නියමිතව ඇති බව වාර්තා වේ.

Related posts

ගින්දර සමග සෙල්ලම් කරන්න එපා – චීනයෙන් අනතුරු ඇඟවීමක්

colombotoday

වසර 14කට පසු ඉන්ධන මිල වාර්තාගත ලෙස ඉහළ යයි

colombotoday

ඉන්දීයාවේ අවුරුදු 18ට වැඩි සියලු දෙනාට කොවිඩ් එන්නත

colombotoday

ඇමෙරිකන් චිත්‍රපට නැරැඹූ ගැටවරයන් පවුලේ අය ඉදිරියේ මරා දායි

Admin

ලෝක බලවතාගෙන් රුසියාවට අනතුරු ඇගවීමක්

colombotoday

ලිබියාවේ ගැටුම්වලින් පුද්ගලයන් 55ක් මරුට

Admin