World

ගින්දර සමග සෙල්ලම් කරන්න එපා – චීනයෙන් අනතුරු ඇඟවීමක්

එක්සත් ජනපදය විසින් තායිවානයට ඩොලර් මිලියන 108ක් වටිනා යුධ-තාක්ෂණික සහාය විකිණීම අනුමත කිරීමෙන් පසු තායිවාන ප්‍රශ්නය සම්බන්ධයෙන් ගින්දර සමග සෙල්ලම් නොකරන ලෙස චීනය එක්සත් ජනපදයට අනතුරු ඇඟවීමක් කර තිබේ.

එක්සත් ජනපද ආරක්ෂක ආරක්ෂක සහයෝගිතා නියෝජිතායතනය පසුගිය දා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් “එක්සත් ජනපදයේ තායිපේ ආර්ථික හා සංස්කෘතික නියෝජිත කාර්යාලයට විදේශීය යුද ආම්පන්න අලෙවියක් අනුමත කිරීම සඳහා තීරණයක්” ගෙන ඇති බවයි.

මෙය 2021 ජනවාරි මාසයේදී එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් බලයට පත්වීමෙන් පසු තායිවාන කලාපයට සිදු කරන ලද පස්වන ආයුද අලෙවිය වන අතර මෙම වසරේ සිව්වැනි අවි අලෙවිය ලෙස සැලකෙයි.

තායිවානයට එක්සත් ජනපද ආයුද විකිණීමට චීනය දැඩි ලෙස විරුද්ධ වන අතර, අවි විකුණුම් සැලැස්ම අවලංගු කරන ලෙස එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටින බව විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් මාධ්‍ය හමුවේදී පැවසීය.

Related posts

රියදුරු රහිත ලොව පළමු මෝටර් රථය අවුඩි සමාගමෙන්

colombotoday

රුසියාවෙන් 100% සාර්ථක කොවිඩ් එන්නතක්.

colombotoday

කොරෝනා එන්නත පළමු අමෙරිකානුවන්ට ලබාදෙන දිනය තීරණය කෙරේ

colombotoday

හියිඩ්‍රජන් බෝම්බයක් අත්හදා බලයි.. උතුරු කොරියාව හෙල්ලෙයි

colombotoday

බංග්ලාදේශ ඉස්ලාම් ත්‍රස්තයෝ බෞද්ධ හිමිනනමක් අමානුෂික ලෙස ඝාතනය කරයි

colombotoday

කිලෝ 500ක් බර අධිබලැති බෝම්බයක් සොයා ගැනේ

colombotoday