Business

ප්‍රමිතියෙන් තොර කොත්තමල්ලි ගෙන්දගම් දමා වෙළෙඳපොළට දෙන කල්මුණේ ජාවාරම

අපිරිසුදු කොත්තමල්ලි, ගෙන්දම් දමා පිරිසුදු කර වෙළෙඳපොළට නිකුත් කිරීමේ ජාවාරමක් පිළිබඳව කල්මුණේ ප්‍රදේශයෙන් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

කොවිඩ් වයිරසය පැතිර යාමත් සමග ජනතාව කොත්තමල්ලි පානය කිරීමට පෙලඹී ඇති බැවින්, එහි ඉල්ලුමද මේ වනවිට ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. මේ අතර විවිධ ජාවාරම්කරුවන් ප්‍රමිතියෙන් බාල කොත්තමල්ලි විවිධ ක්‍රම යොදාගනිමින් වෙළෙඳපොළට නිකුත් කරන බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකයට තොරතුරු ලැබී තිබේ.

ගෙන්දගම් දමා පිරිසුදු කරන කොත්තමල්ලි දීප්තිමත් බවකින් යුක්ත බැවින් ඉතා පිරිසුදු කොත්තමල්ලි යැයි සිතා ජනතාව විශාල වශයෙන් ඒවා මිලදී ගැනීමට පෙලඹී ඇති බව එම ප්‍රකාශකයා පවසයි.

ගෙන්දගම් දමා පිරිසුදු කරන කොත්තමල්ලි දිවයිනේ සෑම ප්‍රදේශයකටම බෙදා හරින බවට ආහාර පාලන ඒකකයට තොරතුරු ලැබී ඇති බැවින් ඒ පිළිබඳව සොයා බැලීමට ගිය විට එම කර්මාන්තශාලාව වසා දමා ඇති බවක් පෙන්නුම් කර ඇතැයිද එහෙත් කර්මාන්තශාලාව වසා දමා නොමැති බවත්, පාරිභෝගික ඉල්ලුම පරිදි දිගින් දිගටම වෙළෙඳපොළට කොත්තමල්ලි සපයන බවත් ප්‍රදේශවාසීහු කියති.

Related posts

කොවිඩ් නිසා මූල්‍ය ශක්තිය පිරිහුණු රටවල් අතරට ශ්‍රී ලංකාවත්

colombotoday

ඩොලරය රු. 163ට නගී

colombotoday

අලියාන්ස් රක්ෂණ සමාගම අසාදු ලේකනයට

colombotoday

පරිප්පු-ටින් මාලු මත පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවතට

colombotoday

ඩොලර් මිලියන 400 ක මුදල් හුවමාරුවකට ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ ගිවිසුමක් අත්සන් කරයි

colombotoday

සිංගප්පූරුවේ පැවති CMO ඒෂියා සම්මාන උළෙලේදී සම්පත් බැංකුවට ඉහළම ගෞරව

colombotoday