Business

වැඩි මිලට භාණ්ඩ අලෙවි කළ “කප්රුක” ආයතනයකට නඩු

අන්තර්ජාලය හරහා භාණ්ඩ ඇණවුම් කළ හැකි කොළඹ ප‍්‍රදේශයේ ප‍්‍රධාන පෙළේ පෞද්ගලික වෙළඳ ආයතනයක් පාලන මිලට වඩා වැඩි මිලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමේදී පාරිභොගික අධිකාරිය මඟින් ඊයේ (25) දහවල් නීතීයේ රැහැනට හසුකර ගනු ලැබීය.

පාරිභොගිකයින්ගෙන් ලැබුණු පැමිණිලි සැළකිල්ලට ගෙන අධිකාරිය මඟින් ඊයේ සිදුකළ වැටලීමකදී මෙම ප‍්‍රධාන පෙළේ පෞද්ගලික වෙළඳ ආයතනය පාලන මිලට වඩා දෙතුන් ගුණයකින් වැඩි මිලට ආහාර ද්‍රව්‍ය අලෙවි කරන බවට අනාවරණය වී ඇත.

රුපියල් 100/-ට මිල නියම කොට ඇති ග‍්‍රෑම් 425 ප‍්‍රමාණයේ සැමන් ටින් එකක් රුපියල් 550/- කටත් , රුපියල් 150/-ට මිල නියම කොට ඇති ලොකු ලුණු කිලෝව රුපියල් 500/- කටත් , රුපියල් 65/-ට පාලන මිල වන පරිප්පු කිලෝව රුපියල් 180/- කටත් , රුපියල් 92/-ට මිල නියම කොට ඇති පාන් පිටි කිලෝව රුපියල් 350/- කටත් වැඩි මිලට අලෙවි කරන භාණ්ඩ අතර වෙතැයි පාරිභොගික අධිකාරිය පවසයි.

මෙම වැටලීමෙන් පසු එම වෙළඳ ආයතනය වැඩි මිලට භාණ්ඩ විකුණු පාරිභොගිකයින්ට අයකළ වැඩි මිල නැවත ලබාදීමටද ආයතනය පොරොන්දු වී ඇති අතර අන්තර්ජාලය මඟින් ප‍්‍රසිද්ධ කර ඇති භාණ්ඩ වල වැඩි මිල ගණන් ඉවත් කිරීමටද පොරොන්දු වී ඇතැයි අධිකාරීය වැඩිදුරටත් පවසයි.

රටේ ඇඳිරි නීතීය පවතින අවස්ථාවේදී පාරිභොගිකයින් ගසා කැමේ යෙදුණු එම වෙළඳ ආයතනයට විරුද්ධව මාලිකන්ද අධිකරණයේ නඩු පැවරීමටද අධිකාරිය විසින් පියවර ගෙන ඇත.

පාරිභොගික අධිකාරියේ සභාපති මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතාගේ උපදෙස් පරිදි එහි අධ්‍යක්‍ෂක අසේල බණ්ඩාර මහතාගේ අධික්‍ෂණය යටතේ බස්නාහිර පළාත් සහකාර අධ්‍යක්‍ෂ ඒ.ඒ ජසුර් සහ විමර්ශන නිලධාරී චමින්ද අරුණ කුමාර යන මහත්වරු එම වැටලීම සිදුකළහ.

Related posts

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ඩොලර් බි. 2.9 ක විස්තීරණ ණය පහසුකමක්

colombotoday

දුඹුරු සීනි ආනයනය නතර කිරීමේ තීරණයක්

colombotoday

සුඛෝපභෝගී අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සීමාකිරීම ගැන මුදල් අමාත්‍යංශයෙන් නිවේදනයක්

colombotoday

සඟවා තබා තිබියදී හමුවූ සීනි මෙට්‍රික්ටොන් 30,000 ක් රාජසන්තකයි.

colombotoday

පාකිස්තාන අගමැති සමග ව්‍යාපාරික හා ආයෝජන නියෝජිතයින් රැසක් හෙට දිවයිනට

colombotoday

අවුරුදු අස්සේ රනිල්ගෙන් රතු එළියක්! රැකියා ලක්ෂයක් අවදානමේ?

Admin