ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් හා ලංකාවේ සුප්‍රසිද්ද කැසිනෝ ව්‍යාපාරිකයන් අතර රහස් සම්බන්ධතාවයක් Colombo Today වෙත වර්තාවෙනවා. විශේෂයෙන්ම කැසිනෝ ව්‍යාපාරයට විරුද්ධ දේශපාලන මත දරන පක්ෂයක් ලෙස සමාජය තුල පෙනීසිටින ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් සදහා මුදල්වලට අමතරව මදුවිත, සම්බාහන ඇතුළු බොහෝ දේ මෙම ව්‍යාපාරිකයින්ගෙන් ලැබෙන බවයි වාර්තා වන්නේ.
කාම නිලි සනී ලියොන් කැසිනෝ ප්‍රවර්ධනය සදහා ලංකාවට පැමිණීම පිළිබදවද කිසිදු අදහසක් ජනතා විමුක්ති පෙරමුණෙන් මෙතෙක් පලවී නොමැත.
පසුගිය කාලය පුරාම බොහෝ ව්‍යාපාරවලට විරුද්ධ මත සමාජගත කර ව්‍යාපාරිකයන් බිය ගන්වා මුදල් කඩා වඩා ගත් දේශපාලකයින් බොහොමයක් පිලිබද අසන්නට ලැබේ.
අප මේ පලකරන පුවත අසත්‍යයනම් ජනතා විමුක්ති පෙරමුණ කලයුතු වන්නේ ශ්‍රී ලංකාවේ කැසිනෝ ව්‍යාපාර නැවත්වීමට පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ඒමයි.