Colombo Today Local NewsTop Stories

රෝයල් පාර්ක් ඝාතකයා අල්ලන්න වරෙන්තු!

මහත් ආන්දෝලනයකට තුඩු දුන් රාජගිරිය, රෝයල් පාර්ක් නිවාස සංකීර්ණයේදී ඉවෝන් ජොන්සන් නැමති 19 හැවිරිදි තරුණියක් ඝාතනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමැති විත්තිකරු අත්අඩංගුවට ගැනීමට දුන් නියෝගය වසරකට වැඩි කාලයක් තිස්සේ ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය දැඩි අප්‍රසාදය පළකර තිබේ.

විත්තිකරුට එරෙහි නඩු විභාගයේ මුල් නඩු ගොනුව සොයාගැනීමට නොහැකි වීම නිසා ඔහු අත්අඩංගුවට ගැනීම ප්‍රමාද වී ඇති බව රජයේ නීතිඥ සජිත් බණ්ඩාර පසුගිය සතියේ ශ්‍රේෂ්ඨාධිකරණයට පවසා ඇත.

නඩුවේ මුලසුන දැරූ විනිසුරු එස්. තුරෙයිරාජා පැවසුවේ මෙය ඉතාමත් අසතුටුදායක බවයි.

ඉවෝන් ජොන්සන් ඝාතනය සම්බන්ධයෙන් ජයමහට මරණ දඬුවම නියම කර තිබුණ ද, එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඔහුට ජනාධිපති සමාව ලබාදෙන ලදී.

පසුගිය වසරේ ජයමහට ලබාදුන් සමාව ශ්‍රේෂ්ඨාධිකරණය අවලංගු කර ඔහු අත්අඩංගුවට ගැනීමට නියෝග කළේය.

ඒ අදාළ විත්තිකරුට සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගනු ලැබූ තීරණය බල රහිත කරන බවට ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඒකමතිකව ප්‍රකාශ කරනු ලැබීමත් සමගය.

ඉදිරි දිනවලදී නීතිපති දෙපාර්තමේන්තුව ජයමහට එරෙහිව මහාධිකරණයෙන් හෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් ලබාගැනීමට පියවර ගන්නා බව නීතිඥ සජිත් බණ්ඩාර මහතා අධිකරණයට දැනුම් දී ඇත.

ශ්‍රී ලංකා රජය කල විමසුමකට ප්‍රතිචාර වශයෙන් සිංගප්පූරු රජය ජයමහ ඔවුන්ගේ රටේ නොමැති බව දැනුම් දී ඇති බව ද ඔහු පවසා ඇත.

ඒ අනුව, ජයමහ පදිංචිව සිටින්නේ කුමන රටකද යන්න හඳුනාගැනීම සඳහා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.

ජයමහගේ සමාව අවලංගු කිරීමේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව, ඔහු සැඟවී සිටින බවට සැකකරන රටවලට යවන බවත්, ඒ හරහා ඔහුව අත්අඩංගුවට ගැනීමට පියවර ගතහැකි බවත් ඔහු සඳහන් කර ඇත.

ජයමහ රටින් පළාගිය දා සිට ඔහු සම්බන්ධ මූල්‍ය ගනුදෙනු සිදුවී ඇත්දැයි ශ්‍රී ලංකා මහබැංකුව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ද රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දෙන ලදි.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ නියම කර ඇති පරිදි, ඉවෝන් ජොන්සන්ගේ පවුලට රුපියල් මිලියන 3 ක වන්දියක් ගෙවා ඇති බැවින්, හිටපු ජනාධිපති සිරිසේන නඩුවෙන් නිදහස් කරන ලෙස එස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තවදුරටත් නියෝග කළේය.

ජූලි 28 වැනි දින විමර්ශනයේ ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අධිකරණය නීතිපතිවරයාට තවදුරටත් නියෝග කරන ලදී.

සටහන – සත්සරණී

Related posts

අද සිට දුම්රිය ගමන්වාර 302ක්

colombotoday

ජනපති සිංගප්පුර් යනවා යැයි කියන ගුවන් යානය

colombotoday

අර්ජුන්ට අරක්කු පෙරන්න වී නිකුත් කර ඇත්තේ කැබිනට් අනුමැතියෙන්… හැරිසන්ටත් ගජ වාසි !!

colombotoday

ඩීසල් හිඟය දින 2 කින් පහව යනු ඇතැයි, බලශක්ති අමාත්‍යාංශයෙන් සහතිකයක්

colombotoday

හමුදා කුමන්ත්‍රණයක් අත ළගයි ! – දිනේෂ් අනතුරු අගවයි

colombotoday

බැදුම්කර පත්තරේට මිළියන ගණනක රජයේ දැන්වීම්.. මෙහෙම වෙන්නෙ කොහොමද ?

colombotoday