Colombo Today Local NewsWorld

ජෙට් යානා අනතුරකින් දෙදෙනෙක් මරුට

මෙලෙස පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තිබේන්නේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ දී පෞද්ගලික ජෙට් යානයක් අධිවේගී මාර්ගයකට කඩා වැටීමෙනි.

ජෙට් යානය අනතුරට ලක් වන විට පුද්ගලයින් පස් දෙනෙකු එහි ගමන් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ජෙට් යානය කඩා වැටීමෙන් පසු පුද්ගලයින් තිදෙනෙකුගේ දිවි බේරා ගැනීමට ගලවා ගැනීමේ කණ්ඩායම් සමත් වී ඇත.

ගුවන් යානය නේපල්ස් නාගරික ගුවන්තොටුපොළට ගොඩබෑමට මිනිත්තු දෙකකට පෙර, ගුවන් නියමුවා විසින් ගමනාගමන පාලකවරයාට යානයේ එන්ජිම ක්‍රියාවිරහිත වී ඇති බව දන්වා හදිසි ගොඩබෑමක් අවශ්‍ය බව පවසා ඇති බව විදෙස් වාර්තා වේ.

Related posts

ජනපතිගෙන් ඉල්ලීමක්

Admin

උගන්ඩාවට ගිය යානා ගැන ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් විශේෂ නිවේදනයක්

colombotoday

කොටි සැමරුම් තහනම් – යාපනය අධිකරණයෙනුත් නියෝගයක්

colombotoday

විදේශ රැකියා ක්ෂේත්‍රය කඩිනමින් ඩිජිටල් කරන්න මනූෂ සහතික වෙයි

Admin

දුරකතන චාජරය සුඛෝපභෝගී වෑන් රථයක් ගිනි තබයි.

Admin

අන්තර් පළාත් දුම්රිය සේවා පටන් ගන්නා දිනය මෙන්න.

colombotoday