Colombo Today Local News

කථානායක කරූ තමන්ගේ බෑනාව රජකරවන්න හැමෝම කඩේ යවනවා – ජයරත්න හේරත්

ජේ ආර් ජයවර්ධන ජනාධිපතිතුමාත් ඒ කාලයේ හිතාගෙන හිටියේ කොහොමහරි තමන්ගේ බෑණා වන රනිල් වික්‍රමසිංහ තමාගෙන් පස්සේ කාලෙකදී මේ රටේ රජවෙයි කියලා. ඒක සිද්ධවුණු නැති නිසා අද කරූ ජයසූරිය කථානායකතුමා තමන්ගේ බෑනාව එක්සත් ජාතික පක්ෂයෙන් රටේ රජකරවන්න තමයි මේ හැමෝමව කඩේ යව යව ක්‍රියා කරන්නේ යැයි හිටපු කැබිනට් අමාත්‍ය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල ආසන සංවිධායක ජයරත්න හේරත් මහතා පැවසීය.

හිටපු අමාත්‍යවරයා එසේ ප්‍රකාශකලේ 2018.12.02 ( අද ) කුරුණෑගල මහජන පොළ අසල සංවිධානය කර තිබූ මැතිවරණයක් පවත්වනමෙන් ඉල්ලමින්  ජනතාවගේ  අත්සන්  දසදහසක් (10000) ක් මගින් සමන්විත පෙත්සමකට අත්සන්කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

මෙහිදී  වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා කියා සිටියේ, අද ජනතා පරමාධිපත්‍ය කියන දේ නැතිවෙලා තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂය ඉතිහාසයේ ඉඳන්ම මේ වගේ දේවල් කරා. ඒ නිසා අද ජනතාවගේ ඡන්ද අයිතිය නැතිවෙලා. අද පළාත් සභා විසුරුවලා, තාම මැතිවරණයක්  නෑ. ඒ වගේම රටේ තියන අස්ථාවරත්වය ස්තීරත්වයක් බවට පත්කරගන්න ඉක්මනින්ම මැතිවරණයක් තිබිය යුතුයි . අපි කැමතියි බලධාරීන්ට මතක්කරලා දෙන්න තම තමන්ගේ පෞද්ගලික කෝන්තර නිසා රටේ ජනතාවගේ අයිතිය සහ අනාගතය විනාස කරන්න එපා.ඉක්මනින්ම මැතිවරණයක් තියලා අපිට නායකයෙක් තෝරාගන්න අවස්ථාව දෙන්න. අද කුරුණෑගල විශාල ජන සමුහයක් මැතිවරණයක් ඉල්ලා පෙත්සමකට අත්සන් තැබුවා. ඔවුන් එහෙම කරන්නේ ඔවුන්ගේ අයිතිය වෙනුවෙන්. ජනතාවගේ අයිතිය ලබාදීම සහ ක්‍රියාත්මක කිරීම ජනතා නියෝජිතයන්ගේ වගකීමක්.

එහිදී  වැඩිදුරටත් අදහස් දක්වමින් ජයරත්න හේරත් මහතා කියා සිටියේ, අද පාර්ලිමේන්තුව කෝලම් මඩුවක් බවට පත්වෙන්න ප්‍රධාන හේතුව තමයි කථානායකතුමාගේ ක්‍රියා කලාපය. රනිල් වික්‍රමසිංහ මහත්තයට තේරෙන්නෙත් නෑ කථානායකතුමා මොකක්ද මේ ගහන්න යන ගැටේ කියලා. අපි දන්නවා හිටපු විධායක ජනාධිපති ජේ .ආර් ජයවර්ධන මැතිතුමාට ඕනකරලා තිබුණා තමන්ගේ බෑණා ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයව රටේ රජකරවන්න. රනිල් වික්‍රමසිංහ මහත්තයට කවදාවත් ඒක කරගන්න බැරි නිසා කරූ ජයසූරිය කථානායකතුමා තමන්ගේ බෑණා වන නවීන් දිසානායකව රජකරවන්න තමයි මේ එහෙට මෙහෙට කැරම් ගහන වැඩ කරන්නේ. තම තමන්ගේ පෞද්ගලික බලාපොරොත්තු ඉෂ්ඨකරගන්න කලින් ජනතාවගේ අයිතිය දීලා ඉන්න. ඉක්මනින් මැතිවරණයක් තියලා ජනතාවගේ පරමාධිපත්‍ය බලය ආරක්ෂා කරන්න යනුවෙන් පැවසීය.

මෙම අවස්ථාවට කුරුනෑගල නගරාධිපති තුෂාර සංජීව, හිටපු නගරාධිපති ගාමිණි පෙරමුනගේ, කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ සභාපති අචල නිමන්ත, කුරුණෑගල හිටපු නියෝජ්‍ය  අධ්‍යාපන අධ්‍යක්ෂ චන්දිම මල්විල ඇතුළු මහත්ම මහත්මීන් විශාල පිරිසක් සහභාගී විය.

Related posts

අනුර සේනානායකට ඇප !

colombotoday

ත්‍රස්තවාදීන් හා ඔවුන්ගේ සහයකයන් සමග අපට කිසි ගනුදෙනුවක් නැත – ත්‍රස්තයන් මර්ධනය කරන හැටි පූටින්ගෙන් ඉගෙන ගන්න…

colombotoday

ජනාධිපතිගේ නියෝග නීතියක් කිරීම වැරදියි. ඒවා චක‍්‍රලේඛ සේ සැලකීම ඉතා අනතුරුදායකයි

colombotoday

ඉල්ලා අස්වෙන්න රවීගෙන් කොන්දේසි 05 ක් !

colombotoday

75 වන නිදහස් සැමරුමට වැය වූ මුදල ප්‍රකාශයට පත් කරයි

Admin

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව නිලධාරීන් තෝරා පත්කර ගැනීමේ නිලවරණයට එරෙහිව වාරණ නියෝගයක්

colombotoday