Colombo Today Local NewsPoliticsTop Stories

යාපනේ ඉඩම් අවුලක්? සුමන්තිරන් ආණ්ඩුවෙන් ගේම ඉල්ලයි

ඉලංකෙයි තමිල් අරසු පක්ෂය විසින් රජයට දැඩිව පවසා තිබෙන්නේ යාපනය ප්‍රදේශයේ ඉඩම් අත්පත් කරගැනීමේ කටයුතු වහා නතර කරන ලෙසයි.

එම පක්ෂයේ මැයි දින රැලියට එක් වෙමින් පක්ෂයේ ප්‍රධාන ලේකම් එම්. ඒ. සුමන්තිරන් කියාසිටියේ ඉඩම් ඒවායේ මුල් අයිතිකරුවන්ට නැවත ලබාදෙන බවට රජය දුන් පොරොන්දු පාවා දෙමින් සිටින බවයි.

ජනතාවගේ ඉඩම් ආපසු ලබාදෙන බවටත්, හමුදාව සතුව තිබූ ඉඩම් නිදහස් කරන බවටත් මැතිවරණ සමයේදී වත්මන් රජය යාපනයේ ජනතාවට පොරොන්දු ලබාදුන් බවද ඔහු එහිදී පැවසුවේය.

එසේම, රජයේ ක්‍රියාකලාපය පිළිගත නොහැකි බවට පවසන සුමන්තිරන් ඉල්ලා සිටින්නේ ඉඩම් අත්පත් කරගැනීමේ ගැසට් පත්‍රය වහා ඉවත් කර ගන්නා ලෙසටයි. එසේ නොකළහොත් රජයේ නියෝජිතයන්ට යාපනයට පය තබන්නට බැරි තත්වයකට පත්කරන බවට ඔහු වහසි බස් දොඩයි.

එසේම ඔහු කියා සිටින්නේ 2025.03.28 දිනැති අංක 2430 ගැසට් පත්‍රයේ ඉඩම් නිරවුල් කිරීමේ ආඥා පනතේ 04 වැනි වගන්තිය යටතේ ඉංග්‍රීසි සහ සිංහල භාෂාවෙන් පමණක් මාස 3ක කාලයක් තුළ හිමිකම් නොලැබුණහොත් උතුරු පළාතේ ඉඩම් අක්කර 5,940ක් රජයේ ඉඩමක් ලෙස ප්‍රකාශයට පත්කරන බවට නිවේදනයක් නිකුත් කර ඇති බවයි.

ඉඩම්වල හිමිකරුවන්ට මැයි 02 සිට නීතිමය සහය ඇතිව හිමිකම් ඉදිරිපත් කිරීමට සහාය වීම සඳහා නීතීඥයන් කණ්ඩායමක් සිටින බව ද ඔහු විසින් රැස්ව සිටි පාක්ෂිකයන්ට පවසා තිබෙන බව වාර්තා වේ.

Related posts

IMF විවාදයට පෙර ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු අද ජනපතිගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි

Admin

නීති විරෝධීව ඉන්ධන රැස් කළ 137ක් වටලයි

colombotoday

උදෑසන 10 වන විට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය

colombotoday

සංවේදී කාරණා වලට අවිද්‍යාත්මක හා අමනෝඥ විසදුම්

Admin

ලැජ්ජාවක් තියෙනවා නම් කිසිම ද්විත්ව පුරවැසියෙකු පාර්ලිමේන්තුවට රිංගන්න එන එකක් නෑ…

colombotoday

ශ්‍රීලනිප මීළග අගමැති අපේක්ෂකයා ගෝඨාභය !

colombotoday