Colombo Today Local News

ගලගොඩාත්තේ ඥානසාර හිමියෝ විප්ලව කාරයෙකු නොවේ – කෝට්ටේ මහා නායක හිමි අවධාරණය කරති

රට තුළ මෙවැනි තත්ත්වයක් ඇති විය හැකි බවට ගලගොඩඅත්තේ ඥානසාර හිමි, මීට පෙර ප්‍රකාශ කළ බවත් එහෙත් උන් වහන්සේ විප්ලව කාරයෙකු නොවන බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නා හිමියෝ අවධාරණය කළහ.

එහෙත් ඇතැම් පිරිස් උන්වහන්සේ දෙස වැරැදි ලෙස බැලූ බවත් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ප්‍රශ්නයක් පිළිබඳ සිතා බලා කටයුතු කළ ස්වාමීන් වහන්සේ නමක් බවත් ධම්මාලංකාර හිමියෝ පවසා සිටියහ.

උන්වහන්සේ මේ පිළිබඳ මනා අවබෝධයකින් බැලූ බවත් ඉන්පසු උන්වහන්සේ මෙහි ඇති නරක තත්වය පිලිබදව විටින් විට ප්‍රකාශ සිදු කළ බවත් ඒ හිමියෝ අවධාරණය කළහ.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ගෙවීගිය කාලය සැලකීමේදී මෙම සිදුවීම සම්බන්ධයෙන් රට තුළ නිවැරදි ලෙස වැඩපිළිවෙළක් දියත් කර නොමැති බවද මහා නායක හිමියෝ පවසා සිටියහ.

කුඩා ප්‍රමාණයක කමිටු පත් කළ බවත් ආරක්ෂක අංශවලට යම් යම් කාර්යයන් පැවරුවද ඒ දෙස රජය මෙතෙක් පුළුල්ව බැලීමට කටයුතු නොකළ බවත් උන්වහන්සේ අවධාරණය කළහ.

යලි සිදුවීමක් සිදුවුවහොත් පසුගිය සිදුවීම් පිළිබඳ රජය ක්‍රියා කළ ආකාරය වැරදි බවට රජයට තේරුම් යා හැකි බවද ඒ හිමියෝ පවසා සිටියහ.

රජය ගෙන යන වැඩපිළිවෙළ ඇල්මැරුණු එකක් බවත් එහෙත් ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් මීට වඩා තද වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියෝ අවධාරණය කළහ.

Related posts

රටේ ජාතික ගීය එකක් විය යුතුයි. නිදහස් දින උළෙලේදී ජාතික ගීය සිංහලෙන් පමණයි

colombotoday

“සඳුදා වෙනකං විදුලිය කපන්නෙ නෑ!” – මහජන උපයෝගීතා කොමිසම කියයි

colombotoday

“දිනුවත් පැරදුණත්, කොල්ලෝ ක්‍රීඩා කරනව බැලීම ආඩම්බරයක්” – ජනපති ක්‍රිකට් පිලට සුබ පතයි

colombotoday

අද හුදකලාබවින් නිදහස් කෙරුණු ප්‍රදේශ මෙන්න..

colombotoday

රේගුවෙන් ඇල්ලු ‘සහල්වලට’ කරන්න යන දේ මෙන්න

colombotoday

රිෂාඩ් යලි රක්ෂිත බන්ධනාගාර ගත කරයි

colombotoday