Colombo Today Local News

රේගුවෙන් ඇල්ලු ‘සහල්වලට’ කරන්න යන දේ මෙන්න

නීති විරෝධීව මෙරටට ගෙනා සහල් මෙට්‍රික් ටොන් තුන්දහසකට ආසන්න ප්‍රමාණයක් මේවනවිට ශ්‍රී ලංකා රේගුව විසින් ගබඩා කර ඇති බව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සමාලෝචන සාකච්ඡාවට එක්වෙමින් බැසිල් රාජපක්ෂ මහතා විමසා සිටියේ එම සහල් මෙට්‍රික් ටොන් තුන්දහසකට ආසන්න ප්‍රමාණය සතොස හරහා ජනතාවට බෙදා දීමේ වැඩපිළිවෙළක් සකස් කළ හැකිද යන්නයි.

භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා ඊට එකඟත්වය පළ කළ අතර රේගු අධ්‍යක්ෂ ජනරාල් ජී.වී රවිප්‍රිය මහතාට ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නැයි අග්‍රාමාත්‍යවරයා එහිදී උපදෙස් ලබා දී තිබේ.

මෙයට අමතරව වී අලෙවි මණ්ඩලය සතු සහල් සංචිත වෙළඳ පොළට නිකුත් කිරීම සහ තවත් මෙට්‍රික් ටොන් 25000ක් පමණ දේශීය සහල් ව්‍යාපාරිකයන්ගෙන් මිලදී ගැනීමට ද මෙහි දී අවධානය යොමු කෙරුණි.

රට තුළ සහල් හිඟයක් නොමැති බව කී ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා මෙරට පරිභෝජනයට අවශ්‍ය තරම් සහල් රට තුළ නිෂ්පාදනය වී ඇති බව එහිදී සඳහන් කළේය.

Related posts

2023 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න අනුමැතිය

colombotoday

දකුණු කොරියානු යුද නැවක් වසර 6කට පසු කොළඹ වරායට සේන්දු වෙයි

Admin

සිරකරුවන් 6000ක් දවල් කෑම එපා කියයි.. කුස ගින්නේ සිට, දිවා ආහාරය අවතැන් වූ ජනයාට දන්දෙයි

colombotoday

“අලුත්කඩේ නඩුකාරයා කුඩුකාරයෙක්” – නියෝජ්‍ය ඇමති රන්ජන්

colombotoday

ඇඟලුම් උපාංගවලට තීරු බදු සහන ලබා දීමට කැබිනට් අනුමැතිය

colombotoday

පොලිස් නිලධාරීන්ටත් කෑම දීමනාවක්

colombotoday