Colombo Today Local NewsfeaturedUncategorized

අධි බලැති පුපුරණ ද්‍රව්‍ය, ඉස්ලාම් ආගමික පොත් සමග මුස්ලිම් ජාතිකයන් 4ක් වනාතවිල්ලුවෙන් අල්ලයි


වනාතවිල්ලුව, මංගලපුර කරඩිපුවල් ප්‍රදේශයේ විශාල පොල් වත්තක සගවා තිබු පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100කට ආසන්න ප්‍රමාණයක් සහ ඩෙකනේටර් 100ක් සමඟ සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

අද(17) සවස අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අදාළ පුපුරණ ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන ඇති බව පොලීස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය සඳහන් කළේය.

අපරාධ පරික්ෂණ දේපාර්තුමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති දෑ අතර ඩෙටනේටර් 100ක්, වයර් කෝඩ් තොගයක්, ශ්‍රී ලංකාව තුළ තහනම් නයිට්ට්‍රේට් ඇසිඩ් ලිටර් 20 බැඟින් වු කැන් හයක්, බල්බ තොගයක්, අධිබල පිපිරවිම් සඳහා යොදා ගන්නා සිෆෝ (වෙඩි බෙහෙත් ) කිලෝ ග්‍රෑම් 75 කට ආසන්න ප්‍රමාණයක්, බොර 12 ගිනි අවියක් සහ පතෝරම් තොගයක්, වායු රයිෆල් එකක්, ආරක්ෂීත කුඩාරම් දෙකක් සමඟ දින 20 කට ආසන්න කාලයකට සැහෙන වියලි ආහාර තොගයක්, පරිඝනක, කැමරා, මුස්ලිම් ආගමික පොත් පත් තොගයක්, පැදුරු විශාල ප්‍රමාණයක්, ඇතුළු තවත් දෑ සෝදිසි කිරීම් වලදී අත්අඩංගුවට ගෙන තිබු බව අප වාර්තාකරු සඳහන් කළේය.

පසුගිය දින දිවයිනේ ප්‍රදේශ ගණනාවක බුද්ධ ප්‍රථිමා විනාශ කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් පිරිසක් සොයා අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව සිදුකරමින් තිබු පරික්ෂණයට අවශ්‍ය සැකකරුවකු සොයා අද වනාතවිල්ලුව මංගලපුර කරඩිපුවල් අක්කර 80 කට ආසන්න පොල් ඉඩමට පැමිණි අවස්ථාවේ මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය වලදමා තිබියදී සොයා ගත් බව වාර්තා වෙයි.

Related posts

සෞඛ්‍ය සේවකයින්ට අද ඉන්ධන ලබාගත හැකි පිරවුම්හල් ලැයිස්තුව

colombotoday

ජනාධිපතිට එරෙහිව එජාපයෙන් දෝෂාභියෝගයක්

colombotoday

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක්

Admin

ජනපති ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික හමුවක්

Admin

ඩීසල් ලීටර් 19,000ක් සමග 4ක් අත්අඩංගුවේ

colombotoday

ඇමති මංගල එක්ක බෑ… දයා ගමගේ ඇමතිකමින් අස්වෙයි..

colombotoday