Colombo Today Local NewsWorld

ඉරාන විදේශ අමාත්‍ය මෙරට සංචාරයක

විදේශ අමාත්‍ය අලි සබ්රි මහතාගේ ඇරයුමකට අනුව දෙදින නිල සංචාරයක් සඳහා ඉරාන විදේශ අමාත්‍ය හුසේන් අමීර් අද(19) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

ඔහු මෙරට රැඳී සිටින කාලසීමාවේදී ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා හමුවීමට නියමිතව තිබේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, ඔහු සමග ඉරාන ජනාධිපති කාර්යාලයේ, බලශක්ති අමාත්‍යාංශයේ සහ විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් දිවයිනට පැමිණෙන බවයි.

ඉරාන විදේශ අමාත්‍යවරයා ඇතුළු පිරිස ලබන 21 වැනිදා යළි දිවයිනෙන් පිටත්ව යාමටත් නියමිතව තිබේ.

මේ අතර, දෙරටේ නාවික හමුදා අතර සුහදතාව වර්ධනය කරගැනීමේ අරමුණින් ඉරාන යුද නෞකා දෙකක් පසුගියදා දිවයිනට සේන්දු විය.

එමෙන්ම එම නෞකා අද දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.

Related posts

වැඩිම මුදලක් වැය කෙරෙන අමාත්‍යංශ 10ක වියදම් විශ්ලේෂණය ට තීරණයක්

Admin

ප්‍රේමලාල්-රිෂාඩ් පාර්ලිමේන්තු එයි

colombotoday

කබ්රාල් ඇප මත මුදාහරී

colombotoday

රටේ නායකයො අත හෝදගන්න හදනවා… දැන් ඇත්තේ නීතියේ පිහිට පමණයි – කාදිනල්තුමා

colombotoday

නඩත්තු නොදී බේරෙන්න බිරිඳගේ හිසට මන්නෙන් කොටලා

colombotoday

දෙදරු පියෙක් උදලු මිටකින් පහරදී ඝාතනය කරලා…

colombotoday