BusinessColombo Today Local News

ජංගම දුරකථන සමාගම් මගින් රක්ෂණ විකිනීමේ ක්‍රියාවලිය අත්හිටුවයි

පසුගියදා තම සංගමය මගින් පවත්වන ලද මාධ්‍ය අනාවරණයක ප්‍රතිපලයක් ලෙස ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව විසින් අනුමැතිය ලබාදී තිබූ ජංගම දුරකථන සමාගම් මගින් රක්ෂණ විකිනීමේ ක්‍රියාවලිය නතර කිරීමට චක්‍රලේකයක් නිකුත් කර ඇති බව ලීසිං සහ ණය වාරික ගෙවන්නන්ගේ ඒකාබද්ධ සංගමයේ කැඳවුම්කරු සංජය මහවත්ත පවසනවා.

අධ්‍යක්ෂ ජනරාල්වරිය විසින් නීතිවිරෝධි ලෙස රක්ෂණ සමාගම්වලට ජංගම දුරකථන ජාල හරහා රක්ෂණ ඔප්පු විකිණීමට වක්‍ර ආකාරයෙන් අනුමැතිය දී තිබූ අතර එලෙස ජංගම දුරකථන ජාල හරහා රක්ෂණ ඔප්පු විකිණීමට කිසිම ආකාරයක නීතියක් හෝ රෙගුලාසියක් ඇය විසින් නිකුත් කර තිබුනේ නැති බවයි මහවත්ත සඳහන් කර සිටියේ.

මෙම නීතිවිරෝධි ක්‍රියාව නිසා නොයෙක් ආකාරයේ අකටයුතුකම්වලට මුහුණ දුන් රක්ෂණ ඔප්පු හිමියන් කොමිෂන් සභාවට පැමිණිලි රාශියක් ඉදිරිපත් කර තිබූ බවත් ඉදිරියේදීද ලංකාවේ රක්ෂණ ක්ෂේස්ත්‍රය ඵලදායි මෙන්ම මහජනතාවට හිතකර ආයතනයක් බවට පත්කිරීම සදහා මහජනතාව වෙනුවෙන් පෙනීසිටින බවද ලීසිං සහ ණය වාරික ගෙවන්නන්ගේ ඒකාබද්ධ සංගමය කැදවුම්කරු පැවසීය.

Related posts

ගමන් බෑගයක් තුළ තිබූ කාන්තා මළ සිරුර හඳුනා ගැනේ

colombotoday

මහසෝන් බළකායේ අමිත් වීරසිංහ ඇතුළු 27 දෙනෙකුට අධිකරණය අද දුන් තීන්දුව මෙන්න

colombotoday

හුස්ම රැගත් ‘ශක්ති’ කොළඹ වරායට සේන්දුවෙයි

colombotoday

අවසන් සටනේ දී කොටි සිවිල් වැසියන් සමූල ඝාතනය කරලා – පරණගම කොමිසම සාක්ෂි සහිතව තහවුරු කරයි.

colombotoday

ඥානසාර හිමි මුණගැසෙන්නන්ගේ තොරතුරු අගමැති ගෙන්වා ගනී

colombotoday

අත් පා මුඛය ගැට ගැසූ මළ සිරුරක් මහනුවර පාසලකින් හමුවෙයි

Admin