World

ISIS පවුලක් ඉන්දුනීසියාවේ කිතුනු පල්ලි තුනක් පුපුරවා මරාගෙන මැරෙයි.. දෙවැනි දිනටත් අද තවත් ප්‍රහාරයක්..

පිට පිටම දෙවැනි දිනටත් ඉන්දුනීසියාවේ සුරබයා නගරයට අද උදෑසන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

අද උදෑසන එල්ල වූ මේ ප්‍රහාරයේ ඉල්ලක්කය වී තිබෙන්නේ පොලිස් ස්ථානයක්.

ඊයේ 13 උදෑසනද සරබයා නගරයේ ක්‍රිස්තියානි පල්ලි 3ක් ඉලක්ක කර ප්‍රහාර මාලාවක් දියත් වූ අතර ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ අනුගාමික පවුලක මව, පියා සහ දරුවන් සිවු දෙනා විසින් එම මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

එයින් 13 දෙනෙකු මියගොස් 40කට අධික පිරිසක් තුවාල ලැබූ බව මාධ්‍ය වාර්තා පවසයි.

ඉන්දුනීසියාව ලොව විශාලතම ඉස්ලාම් රාජ්‍යය ලෙස හැදින්වෙන අතර ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදී ප්‍රචාර හා ක්‍රියාකාරකම් මේ වන විට උත්සන්න වී ඇති බවයි සදහන් වන්නේ.

Related posts

බොට්ස්වානා රාජ්‍යයේ අභිරහස් ලෙස මිය යන අලි

colombotoday

ඉන්දියානු සාගරයේ භූකම්පනයක්

Admin

මැද පෙරදිගට පමණක්, යළි පාස්පෝට් නෑ…

colombotoday

ප්‍රංශ ප්‍රහාරයට බෝම්බ හදා ඇත්තේ ධර්මරාජන් නමැති කළු කොටියා – ජාත්‍යන්තර පොලිසියෙන් පරීක්ෂණ

colombotoday

6000km ක් දුර යා හැකි මිසයිලයක් රුසියාව සාර්ථකව අත්හදා බලයි – VIDEO

colombotoday

පැයට කිලෝමීටර් 145ක වේගයෙන් ‘නිවාර්’ සුළි කුණාටුව ඉන්දියාවට කඩාවදී

colombotoday