BusinessColombo Today Local News

ලංකාවේදී බොරතෙල් පිරිපහදු කර බංග්ලාදේශයට තෙල් යවන්න ඉන්දියාව මාන බලයි

india hie26ශ්‍රී ලංකාව තුල තෙල් පිරිපහදු හා ගබඩා කිරීමේ මෙහෙයුම් ඇරඹීම සඳහා ඉන්දියාව ඉතා උනන්දුවෙන් පසුවන බව ඉන්දියාවේ පෙට්‍රෝලියම් අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් මහතා පැවසීය. ඒ මහතා මේ බව කියා සිටියේ බංග්ලාදේශයේ අග්‍රාමාත්‍යවරියගේ බලශක්ති උපදේශක වන තව්ෆික් එලාහි චෞද්රි හා ශ්‍රී ලංකාවේ පෙට්‍රෝලියම් සම්පතක් සංවර්ධන නියෝජ්‍ය ඇමතිනී අනෝමා ගමගේ මහත්මිය භුබානේෂ්වර් හිදී හමුවූ අවස්ථාවක දීය.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා විසින් Paradip පිරිපහදුගාරය ජාතිය වෙත පිරිනැමීමේ අවස්ථාව හා එක්වීම පිණිස ශ්‍රී ලංකා හා බංග්ලාදේශ නියෝජිතයෝ භුබානේෂ්වර් වෙත පැමිණි අවස්ථාවක දී ඉන්දීය පෙට්‍රෝලියම් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකාව තුළ පිරිපහදු කරන පෙට්‍රෝලියම් නිෂ්පාදිත Paradip පිරිපහදුව වෙත කොමිස් ආදායමක් ලැබෙන ආකාරයෙන් බංග්ලාදේශය වෙත අපනයනය කිරීමට අදහස් කරන බවයි.

– biz.adaderana.lk

Related posts

නිරෝධායනය කඩ කර නගරයට ආ පුද්ගලයකු බණ්ඩාරවෙලින් අත්අඩංගුවට

colombotoday

පැණී බීමට වඩා බියර් එකක් බොන එක ගුණයි – මංගල

colombotoday

මුහුණු පොතට ඩොලර් බිලියන 5 ක දඩයක්

colombotoday

බුද්ධි තොරතුරක් මත සහාරාන්ගේ මස්සිනා අත්අඩංගුවට

Admin

රුවන්වැලි සෑයේ රුව මස් කඩේ කැලැන්ඩරයට දැමූ මොහොමඩ් ඇතුළු තිදෙනෙක් රිමාන්ඩ්

colombotoday

නීතිඥවරයෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දුන් ඓතිහාසික තීන්දුව

Admin