Colombo Today Local News

පරිභෝජනයට නුසුදුසු කෝටි 15ක පාන්පිටි තොගයක් වටලයි

කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසන්නේ මිනිස් පරිභෝජනයට නුසුදුසු රුපියල් කෝටි 15ක් පමණ වටිනා පාන්පිටි ඇතුළු පාරිභෝගික භාණ්ඩ තොගයක් ගනේවල්පොළ ප්‍රදේශයේ ගබඩාවක සඟවා තිබියදී සොයාගත් බව යි.

එහි ප්‍රකාශකයෙකු සඳහන් ක‍ළේ, මෙම භාණ්ඩ වෙළෙඳපොළට නිකුත් කිරීමට සූදානම් කර තිබු බවය.

එහි කිලෝ 25 සහ 50 පාන් පිටි ඇසුරුම් 10,000කට අධික ප්‍රමාණයක් තිබී සොයාගත් බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඊට අමතරව මිනිස් පරිභෝජනයට නුසුදුසු පරිප්පු තොගයක්ද එහි තිබී සොයාගෙන තිබේ.

කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ලද තොරතුරක් මත එහි නිලධාරීන් සිදුකළ ක්ෂණික වැටලීමකදී මෙම භාණ්ඩ තොගය සොයා ගෙන තිබේ.

සෞඛ්‍ය බලධාරීන් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පාන් පිටි තොගයට මෙම ස්ථානයේදී විෂ ද්‍රව්‍ය යොදා එහි සිටි ගුල්ලන් මර්දනය කර යළි සකසා කල් ඉකුත්වීමේ දින වෙනස් කර අලුතින් මුද්‍රණය කර නව ඇසුරුම්වල නැවත අසුරා යළි බෙදා හැරීමට සූදානම්ව තිබී ඇති බවයි.

මහනුවර ප්‍රදේශයේ පුද්ගලයෙකු මෙම ගබඩාව පවත්වාගෙන ගොස් ඇති අතර ඔහු සහ එහි සිටි තවත් පුද්ගලයෙකුට එරෙහිව නඩු පැවරිමට පියවර ගත් බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයා පැවසුවේය.

Related posts

සමෘද්ධි හා EPF අරමුදල් දෙකට ස්ථීර ආදායමක් ඖෂධ නිෂ්පාදනයේ ඇතිද සොයා බලන්න ජනපති උපදෙස්

colombotoday

දුෂිත ඇමතිවරු 4ක් දොට්ට – අමාත්‍යංශ බලය ජනපති යටතට ගැනීමට තීරණය කරයි

colombotoday

දිවයින පුරා නාය යෑම් අවදානම් සහිත ස්ථාන 343ක් හදුනා ගනී

colombotoday

ඉඩම් චීනයට දෙනවාට එරෙහිව හම්බන්තොට වැසියෝ වීදි බසී

colombotoday

අමෙරිකාවට සුපුරුදු පරිදි එකවර චරිත දෙකක් රඟපෑමට හැකියි – චීනෙන් ඇමරිකාවට ප්‍රහාරයක්

colombotoday

පාඩුයි කියා විකුණන්න යන ශ්‍රී ලංකන් ගුවන් සේවයට තවත් ජාත්‍යන්තර සම්මානයක්…

colombotoday