දඹුල්ල – ඉබ්බන්කටුව ජලාශයේ දිය නෑමට ගිය පාසල් සිසුවකු දියේ ගිලී මිය ගොස් තිබේ.
මෙසේ මිය ගොස් ඇත්තේ ගාල්ල – හල්විටිගල ජනපදය ප්රදේශයේ පදිංචි ව සිටි 16 හැවිරිදි පාසල් සිසුවෙකි
ඊයේ (23) පස්වරුවේ ඉබ්බන්කටුව ජලාශයේ අනාරක්ෂිත ස්ථානයක දිය නෑමට ගොස් සිටිය දී එම සිසුවා දියේ ගිලී අතුරුදන් ව ඇති අතර, දඹුල්ල පොලීසියේ ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරින් සිදු කළ සෝදිසි කිරීමක දී සිසුවාගේ මළ සිරුර සොයාගෙන ඇති බව වාර්තා වේ.
සිය මිත්තණිය සහ සොහොයුරා ඇතුළු පිරිසක් සමඟ අනුරාධපුර වන්දනාවේ යන අතරතුර ඔහු මෙම අනතුරට ලක් ව ඇත.