Colombo Today Local News

රුපියල් හත්සීයක් දෙන්න බැරිව ප්‍රසන්න රණවීර ගුවන්තොටුපොළ සුළු සේවකයෙක්ට පහර දෙයි

විදේස් ගතව සිටින තම පුත්‍රයා බැලීමට සිය බිරිඳ ගුවන් තොටුපලට ඇරළවීමට රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර පසුගිය 14 වැනිදා අලුයම කටුනායක ගුවන්තොටුපලට පැමිණ තිබූ අතර රාජ්‍ය අමාත්‍යවරයා ගිනි අවි රැගත් සිය ආරක්ෂක නිලධාරීන් සමඟ ගුවන් තොටුපලට ඇතුළුවීමට ගිය අවස්ථාවේදී ආරක්ෂක අංශ නිලධාරීන් රාජ්‍ය අමාත්‍යවරයාට පවසා ඇත්තේ ඇතුළුවීම සඳහා ප්‍රවේශ පත්‍රයක් මිලදී ගන්නා ලෙසයි.

එමෙන්ම, ගිනි අවි ඉවත්කර ගුවන් කොටුපල වෙත ඇතුළුවන ලෙසද ආරක්ෂක අංශ විසින් රාජ්‍යය අමාත්‍යවරයාගෙන් ඉල්ලීම් කර ඇති බව වාර්තා වනවා.

එහිදී එතුමා කලහකාරී ලෙස හැසිරෙමින් ආරක්ෂක අංශ නිලධාරීන්ට බැණ වැදි ඇති බවත්, ඒ අසල සිටි පෝටර්වරයෙකු ලෙස රැකියාව කරනා වයෝවෘද්ධ ගුවන්තොටුපොළ සුළු සේවකයෙකූටද පහරදි ඇති බව‍යි වාර්තා වන්නේ.

රාජ්‍ය අමාත්‍යවරයාගේ බිරිඳ රැගෙනවිත් තිබු ගමන්මලු කිහිපයක් ප්‍රවාහනය සඳහා අදාළ පෝටර්වරයා වෙත ලබාදුන් මුදල ප්‍රමාණවත් නොවන බව පැවසීම හේතුවෙන් එළෙස පහරදීම සිදුකර ඇති බව පැවසේ.

අදාළ පහරදීම එහි තිබූ cctv කැමරාවක ද සටහන්ව තිබෙන නමුත් රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර කියා සිටියේ එවැනි පහරදීමක්ද සිදු නොවු බවයි.

Related posts

“පාර්ලිමේන්තුව විසුරුවාහැරීම ප්‍රජාතන්ත්‍ර විරෝධීයි“ – එජාපය අධිකරණයට යයි

colombotoday

විමල්ට, දිනේෂ්ට, ඩලස්ට, උදයට මැයි 1 දා ශාලිකා පිටිය තහනම්

colombotoday

කථානායක මන්ත්‍රිවරුන්ට දුන් විශේෂ දැනුම්දීම

colombotoday

කංචන ඉන්ධන ඉල්ලන්න කටාර් යයි

colombotoday

මහනුවර තත්ත්වය සාමාන්‍ය අතට.. සැකකරුවන් 110ක් අත්අඩංගුවේ

colombotoday

වරාය නගර පනතේ ජන්ද විමසීමේ චෝදනා ගැන පරීක්ෂණ

colombotoday