Colombo Today Local News

කො⁣රතොට ඉන්ධනහලකට බෝම්බ ප්‍රහාරයක්

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු කඩුවෙල කො⁣රතොට ප්‍රදේශයේ පෞද්ගලික ඉන්ධන පිරවුම්හලකට අද (12) දින අලුයම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් තිබෙන බව නවගමුව පොලිසිය පවසනවා.

ඉන්ධන පිරවුම්හල වසා තිබූ අවස්ථාවේදී කඩුවෙල අතුරුගිරිය ප්‍රධාන මාර්ගයේ යතුරු පැදිය නවත්වා අදාල පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇතත් එය පුපුරා ගොස් නැතැයි ද පොලිසිය කියා සිටියා.

අදාල ඉන්ධන පිරවුම්හලෙහි හිමිකරුගේ නිවස ඉදිරිපිට ද දැනට මාස කිහිපයකට පෙර වෙඩි තබා පලා යාමේ සිද්ධියක් ද වී ඇති අතර මෙය විදේශගතව සිටින “කයිවාරු මුතූවා” නැමැත්තා මෙහෙයවනු ලබන සිද්ධීන් ජාලයක් බවට ද පොලිසිය සැක කර සිටිනවා.

කොරතොට “කයිවාරු මුතූවා” නැමැත්තාට කප්පම් ලබාදීම බොහෝ ව්‍යාපාරිකයින් ප්‍රතික්ෂේප කිරීම නිසාවෙන් මෙලෙස කුලීකරුවන් යොදවා ඔවුන්ට තර්ජනය කිරීමට මේ ආකාරයෙන් කටයුතු කරන බවද පැවසෙයි.

Related posts

ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කරමින් තිබූ ලංගම බස්රථයක් අනතුරක

colombotoday

කොරෝනා එන්නත මෙරටදීම නිෂ්පාදනයට කැබිනට් අනුමැතිය

colombotoday

ඉන්ධන පිරවුම්හලක් තුළ වෙඩි තැබීමක්

colombotoday

කටුගස්තර වෙඩි තැබීමේ වැඩිදුර විස්තර

Admin

සිරස මාධ්‍යවේදීන්ට පහර දීම : පොලිස් විශේෂ කාර්ය බලකායේ SSP රොමේෂ් ලියනගේ ගේ වැඩ තහනම්

colombotoday

විදුලි කප්පාදුව පැය 03කට දීර්ඝ වෙයි

colombotoday