featuredWorld

රාජකාරියේදී සේවායෝජකයාට හිජාබ් තහනම් කළ හැකියි. | යුරෝපා සංගම් අධිකරණය නියෝග කරයි

ඇතැම් කොන්දේසි යටතේ මුස්ලිම් සේවකයින්ට හිජාබය පැළඳීම තහනම් කළ හැකි බව යුරෝපා සංගමයේ ඉහළම අධිකරණය තීන්දු කර ඇත. ජර්මනියේ මුස්ලිම් කාන්තාවන් ඉස්ලාමීය ඇඳුම ඇඳීමට පටන් ගැනීම නිසා සේවයෙන් ඉවත් කරන ලද අවස්ථා දෙකක් සම්බන්ධයෙන් සිදුකල විභාගයකදී යුරෝපා සංගමයේ ඉහළම අධිකරණය මෙම තීන්දුව ගෙන ඇත.

“සේවා ස්ථානයේ දේශපාලන, දාර්ශනික හෝ ආගමික විශ්වාසයන් දෘශ්‍යමාන වන ලෙස ප්‍රකාශනය කිරීම තහනම් කිරීම, සේවායෝජකයා විසින් ගනුදෙනුකරුවන් කෙරෙහි මධ්‍යස්ථ ප්‍රතිරූපයක් ඉදිරිපත් කිරීමට හෝ සමාජ ආරවුල් වළක්වා ගැනීමට ඇති අවශ්‍යතාව සාධාරණීකරණය කළ හැකිය” යනුවෙන් අධිකරණය පැවසීය.

නඩු පවරා ඇති මුස්ලිම් කාන්තාවන් දෙදෙනාම වෙළඳසැල් දාමයක මුදල් අයකැමියන් ලෙස සේවය කර ඇත. ඔවුන් රැකියාව ආරම්භ කරන විට හිස් වැසුම් පැළඳ නොසිටි නමුත් පැමිණ වසර ගණනාවකට පසුව එසේ කිරීමට තීරණය කර ඇත.

තම සේවායෝජකයා විසින් ඔවුන්ට අවසර දී ඇති බවත්, විවිධ අවස්ථා වලදී අත්හිටුවා ඇති බවත්, එය නොමැතිව රැකියාවට පැමිණෙන ලෙස හෝ වෙනත් රැකියාවක් කරන ලෙසත් ඔවුන්ට පවසා ඇති බවත් අධිකරණ ලේඛන පෙන්වා දෙයි.

මුස්ලිම් කාන්තාවන් හිස සහ උරහිස් වටා පැළඳ සිටින හිස් කබාය වසර ගණනාවක් තිස්සේ යුරෝපය පුරා මතභේදයට තුඩු දී ඇත.

2017 දී දුන් තීන්දුවක දී ද ලක්සම්බර්ග්හි යුරෝපා සංගම් අධිකරණය පවසා තිබුණේ සමාගම් විසින් යම් කොන්දේසි යටතේ තම සේවිකාවන්ට ඉස්ලාමීය හිස් වැසුම් සහ වෙනත් දෘශ්‍යමාන ආගමික සංකේත පැළඳීම තහනම් කළ හැකි බවයි.

Related posts

තමන්ට වෙන්න යන දේ ගැන ඥානසාර හිමි මාර්තු මාසයේදී කල ප්‍රකාශය

colombotoday

ඩාවින්චිගේ සිතුවම්වල ඇති රහස සොයා ගනී

Admin

ඉන්දියාව මැයි 3 දක්වා Lock Down

colombotoday

කොළඹ ගම්පහ කලුතර අවධානම් කළාප වෙයි – නැවත දැනුම් දෙන තුරු ඇඳරි නීතිය. – අත්‍යවශ්‍ය ආහාර නිවෙස්වලටම

colombotoday

ISIS සාමාජිකයින් කාන්තාවන් 5000 ක් ලිංගික වහලියන් කරගන – අවුරුදු 12 ගැහැණු ළමයෙක් සමුහ දුෂණයට

colombotoday

ධවල මන්දිරයෙන් ඉවත්වන්නට ට්‍රම්ප් ගෙන් කොන්දේසියක්

colombotoday