Colombo Today Local News

මොඩර්නා කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් දිවයිනට

අමෙරිකා එක්සත් ජනපදය COVAX වැඩසටහන හරහා ලබා දුන් මොඩර්නා කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් දිවයිනට රැගෙනවිත් තිබේ.

ඇමෙරිකාවේ නිෂ්පාදිත මොඩර්නා එන්නත් මාත්‍රා රැගත් ගුවන් යානය අද (16)දින උදෑසන කටුනායක ගුවන් තොටුපළට ළඟා වූ බව අප ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසී ය.

එන්නත් තොගය ගුවන් යානයෙන් ගොඩ බෑමෙන් පසු ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගම්මානයේ ශීතකරණ තුළ තැන්පත් කර ඇති අතර පසුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත එන්නත් තොගය ප්‍රවාහනය කිරීමට පියවර ගෙන ඇතැයි, වාර්තාවේ.

ශ්‍රී ලංකා රජය අමෙරිකාවෙන් කළ ඉල්ලීමකට ප්‍රතිචාර ‌ලෙස මෙම මොඩර්නා එන්නත් තොගය මෙරටට ලැබුණු බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසී ය.

Related posts

පවතින නිරෝධායන ඇදිරිනීතිය ඔක්තෝම්බර් 01 වනදා තෙක් දීර්ඝ කරයි

colombotoday

“මම දුක් මහන්සියෙන් දියුණු වූ මිනිහෙක්.. ගම්මන්පිලට හොද පාඩමක් උගන්වනවා“ – රවී

colombotoday

ජනපති ඝාතන කුමන්ත්‍රණයක් ගැන කසුකුසු ! කුමන්ත්‍රණය පිටුපස ප්‍රබල එජාප ඇමතිවරයෙක් ?

colombotoday

කිරි තේ එකක මිල පහළට

Admin

හදිසි ගල්අඟුරු ටෙන්ඩරයක් කැඳවයි

colombotoday

“සේවකයන් වර්ජනය කළොත්, දුම්රිය සේවය පෞද්ගලීකරණය කරනවා” – ප්‍රවාහන ඇමති

colombotoday