World

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාරවලට විරෝධය දක්වමින් පකිස්ථානයේ සුළුතර හසාරා වැසියන් මරාදැමුනු තම ඥාතීන් භූමදාන කිරීම ප්‍රතික්ෂේප කරති

ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් විසින් කරන ලද අමානුෂික ප්‍රහාරයකින් මියගිය පතල් කම්කරුවන්ගේ සිරුරු සමග සිය ගණනක් වූ වැසියන් බදාදා විරෝධතාවයක නියලනි.

වඩා හොඳ ආරක්ෂාවක් ඉල්ලා පාකිස්තානයේ සුළුතර ෂියා හසාරා ප්‍රජාවේ පුද්ගලයින් 2500 ක් පමණ පසුගිය ඉරිදා දින සිට ක්වේටා නගරයට ආසන්නයේ මාර්ගයක් අවහිර කරමින් විරෝධාතය සිදුකර තිබේ. කරච්චි නුවර ද එවැනිම විරෝධතා පැවතුනි.

පතල් කම්කරුවන් දස දෙනෙකු තුවක්කුකරුවන් විසින් පැහැරගෙන ගොස් වෙඩි තබා ඝාතනය කරන ලදී. සමහරුන්ගේ හිස ගසා දැමූ බව නම් කිරීමට අකමැති නිලධාරීන් විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත.

සුළුතර හසාරාස් ජනවර්ගයට එරෙහිව දිගින් දිගටම ත්‍රස්ත ප්‍රහාරයන් එල්ල වන අතර ආරක්ෂක හමුදා ඒ පිළිබඳව අවධානය යොමු නොකරන බවට උද්ඝෝෂකයෝ චෝදනා කර සිටියි.

ඉස්ලාමික රාජ්‍ය ත්‍රස්තවාදීන් විසින් මිථ්‍යාදෘෂ්ටිකයන් ලෙස සලකන හසාරාස් ජනවර්ගය ඉලක්ක කර ප්‍රහාර එල්ල කරනු ලබයි.

ලොව පුරා ජිහාඩ් ක්‍රියාකාරකම් අධීක්ෂණය කරන SITE බුද්ධි අංශයට අනුව සුන්නි අන්තවාදී කණ්ඩායමක් වන අයිඑස් විසින් මෙම ප්‍රහාරය එල්ල කර තිබේ.

අයිඑස් සංවිධානය පාකිස්තානයේ තලේබාන් සංවිධානයට සම්බන්ධකම් ඇති දේශීය සටන්කාමී කණ්ඩායමක් වන ලෂ්කර්-ඊ-ජැන්ග්වි සමඟ අනුබද්ධිතය.

පාකිස්තාන නිලධාරීන් දිගු කලක් තිස්සේ අයිඑස් රට තුළ නොමැති බව ප්‍රතික්ෂේප කළ නමුත් එම කණ්ඩායම 2019 දී එළවළු වෙළඳපොළකට බෝම්බ හෙලීම ඇතුළු ප්‍රහාර ගණනාවක් එල්ල කර තිබේ.

Related posts

ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් තවමත් ලෝක තර්ජනයක් – එක්සත් ජනපදය අනතුරු අඟවයි

colombotoday

ප්‍රංශයේ නව රැඩිකල් විරෝධී නීතිය මුස්ලිම් විරෝධී බව පවසමින් විරෝධතා

colombotoday

සෞදිය ලිංගික අපයෝජනය සහ අඩන්තේට්ටම් කිරීම නෛතික වැරදි ලෙස නම් කිරීමට යයි

colombotoday

ත්‍රස්ත ප්‍රහාරයකට පැමිණි මුස්ලිම් ජාතිකයකු ලන්ඩන් ගුවන් තොටේදී අත්අඩංගුවට

colombotoday

ජනපති දිවුරුමට ජනතා විරෝධය.. උගන්ඩාව ඇවිළෙයි.. හිටපු ජනපති මහින්දත් උගන්ඩාවේ

colombotoday

පිලිපීනයේ වැඩවලට ඇගිලි ගහන්න ගිය ඔබාමාට පිලිපීන ජනපති අමු කුණුහරුපෙන් අමතයි !

colombotoday