World

මුස්ලිම් බහුතර ජාතියේ සමාජ සම්මතයන් උල්ලංඝනය කිරීම. | ඊජිප්තුව ටික්ටොක් තාරකාවට වසර 10 ක සිරදඬුවමක්

ඊජිප්තු පොලිසිය විසින් අඟහරුවාදා එරට ටික්ටොක් තරුවක් අත්අඩංගුවට ගෙන තිබේ. ඇය විසින් සමාජ මාධ්‍යවල පළ කළ පොස්ටු සම්බන්ධයෙන් වසර 10 ක දඬුවමක් නියම කර තිබේ.

මෙලෙස දඬුවම් නියම වී තිබෙන්නේ වීඩියෝ බෙදාගැනීමේ යෙදුමක් වන “ටික්ටොක්” හි ජනප්‍රිය තරුණියක් බවට පත්වූ 20 හැවිරිදි කයිරෝ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවක් වන හනීන් හොසම්ටය.

“මිනිස් ජාවාරමට සමාන වීඩියෝ හුවමාරු කර ගැනීම සඳහා කාන්තාවන් දිරිමත් කිරීම” යන චෝදනාව යටතේ මෙම දැඩි දඬුවම නියම කර ඇත.

අන්තර්ජාල වීඩියෝ පට මගින් මුස්ලිම් බහුතර ජාතියේ සමාජ සම්මතයන් උල්ලංඝනය කර “අශෝභන ලෙස උසිගැන්වීම” සම්බන්ධයෙන් ඇයට එරෙහිව චෝදනා නගා තිබිණ.

අන්තර්ජාලය හරහා වීඩියෝව පළ කිරීමෙන් කාන්තාවන්ට මුදල් උපයා ගත හැකි ආකාරය පැහැදිලි කරන වීඩියෝවක් පළ කිරීමෙන් පසු හොසම් මහත්මිය ප්‍රථම වරට අත්අඩංගුවට ගනු ලැබුවේ බලධාරීන් විසින් අන්තර්ජාල ගණිකා වෘත්තිය දිරිගැන්වීමක් ලෙස අර්ථකථනය කරමින් ය. කෙසේ වෙතත් ඇය ටික් ටොක් වීඩියෝවේ සඳහන් කර ඇත්තේ “ගෞරවනීය ආකාරයකින් මිනිසුන් සමඟ මිත්‍රත්වයක් ඇති කර ගැනීමට ඔබට හැකි වනු ඇත” යනුවෙන් පමණි.

Related posts

බූස්ටර් එන්නතට පසු සිවුවැනි එන්නත් මාත්‍රාවක්

colombotoday

“ඇෆ්ගන් රෝහලට පහරදීම යුධ අපරාධයක් නොවේ.. තාක්ෂණික දෝෂයක්” ඇමරිකාව කියයි

colombotoday

සෞදියට ගෘහ සේවිකාවන් යැවීම උගන්ඩා රජය තහනම් කරයි. සෞදි ගිය කතුන් සියරට කැදවයි

colombotoday

මුස්ලිම් පල්ලි පරිපාලනය රජයෙන්. විශ්වවිද්‍යාලවල යාච්ඤා කිරීම තහනම්. දරුවන්ට නිවාස අධ්‍යාපනය තහනම්. | රැඩිකල් විරෝධී පනත ප්‍රංශ සෙනෙට් සභාවෙන් සම්මතයි.

colombotoday

අකුණු සැර වැදී අලි 18ක් මරුට

colombotoday

සෞඛ්‍ය සේවා අඩපණ වීමෙන් හා ආහාර හිඟයෙන් සුඩාන වැසියන් අසල්වැසි රාජ්‍යයවලට පළා යයි

Admin