World

බූස්ටර් එන්නතට පසු සිවුවැනි එන්නත් මාත්‍රාවක්

කොවිඩ් -19 වසංගතයෙන් ආරක්ෂා වීමට, බූස්ටර් එන්නතට අමතරව‍, ඊට පසු සිවුවැනි එන්නත් මාත්‍රාවක් ලබා දීමට ඊශ්‍රායලය තීරණය කර තිබේ.

ඊශ්‍රායල සෞඛ්‍ය අංශ, මේ මොහොතේ එම සිවුවැනි එන්නත නිර්දේශ කර ඇත්තේ අවුරුදු 60 වැඩි සහ බෝ නොවන රෝගාබාධ ඇති වැඩිහිටියන්ට සහ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ටය.

සෞඛ්‍ය අංශ මෙසේ සිවුවැනි එන්නතක් නිර්දේශ කළ බව ඊශ්‍රායල ජනතාවට දැනුම් දුන්නේ එරට අග්‍රාමාත්‍ය නෆ්තාලි බෙනට්ය.

ඊශ්‍රායල වැසියන්ට වැඩි වශයෙන් ලැබී ඇත්තේ ‘ෆයිසර්’ එන්නතය.

පළමු සහ දෙවැනි මාත්‍රා ලබා දීමෙන් පසු ඊශ්‍රායලයේ යළි ‘කොවිඩ් 19’ වසංගතය හිස එසවූ බැවින්, ‘ෆයිසර්’ සමාගමේ නිර්දේශ සහ තමන් සිදු කළ සායනික අධ්‍යයන පාදක කර ගනිමින්, ඊශ්‍රායල සෞඛ්‍ය අංශ තෙවැනි එන්නතක් (බූස්ටර්) ලබා දීමට උනන්දු වූයේ පසුගිය අගෝස්තු මාසයේදීය.

ඒ අනුව, ලොව පළමු වරට බූස්ටර් එන්නත් දීම ආරම්භ කළේ ද ඊශ්‍රායලයයි.

ඒ වනවිට ඊශ්‍රායලයේ ‘කොවිඩ් 19’ ආසාදිතයන් යළි වැඩි වීමට පටන්ගෙන තිබුණේ ‘ඩෙල්ටා’ විකෘතිය හේතුවෙනි. ඊශ්‍රායලය ‘බූස්ටර්’ එන්නත් දීම ආරම්භ කිරීමෙන් පසු සෙසු රටවල් ද එය අනුගමනය කළේය. ඊශ්‍රායලයට පසු බූස්ටර් එන්නත් දීම ආරම්භ කළේ ඇමෙරිකාව, කැනඩාව සහ මහා බ්‍රිතාන්‍යයයි.

දැන් සිවුවැනි මාත්‍රාවක් ලෙස තවත් ‘ෆයිසර්’ එන්නතක් 60 වැඩි බෝ නොවන රෝගවලින් පෙළෙන වැඩිහිටියන්ට ලබා දීමට ඊශ්‍රායල සෞඛ්‍ය අංශ තීරණය කර ඇත්තේ ‘ඔමික්‍රෝන්’ විකෘතිය සැලකිල්ලට ගනිමිනි.

ඊශ්‍රායල සමාජයෙන් ද මේ වනවිට ‘ඔමික්‍රෝන්’ ආසාදිතයන් වාර්තාවීමට පටන්ගෙන ඇත.

(එන්.ඩී.ටීවී.)

Related posts

මාල දිවයිනේට එල්ලකිරීමට නියමිත ත්‍රස්ත ප්‍රහාරයක සැලසුමක් හෙළිවේ

colombotoday

බ්‍රිතාන්‍ය නිල වශයෙන් යුරෝපීය සංගමයෙන් ඉවත් වෙයි

colombotoday

මහාධිකරණ නඩු විභාගයකදී බුර්කාව ගලවන ලෙස විනිසුරු නියෝග කරයි.

colombotoday

දහස් ගණනින් අනවසර සංක්‍රමණිකයන් යුරෝපයට – ගුවනේ සිට ගත් වීඩියෝව

colombotoday

මංගල ගමනක් ගිය බසයක් පෙරළී 25ක් මරු දකී

colombotoday

BREAKING : ඉක්වදෝරයට 6.7 ක දරුණු භූ කම්පනයක්

colombotoday