Colombo Today Local News

ගිනි ගත් නැවෙන් පීඩාවට පත් ධීවරයෝ ලක්ෂ 5ක වන්දි ඉල්ලා උසාවි යයි

කොළඹ වරාය ආසන්නයේ ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිද්ධිය හේතුවෙන් පානදුර සිට මීගමුව දක්වා මුහුදු තීරයේ මසුන් මැරීමේ නිරත ධීවරයින් පීඩාවට පත් වීම සම්බන්ධයෙන් සෑම ධීවරයකුටම රුපියල් ලක්ෂ 5 බැගින් වන්දි ගෙවන ලෙස මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

ඒ අනුව ලක්ෂ 5 ක් බැගින් වන්දි ගෙවන්නැයි රජයට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (23)දින මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර ඇත.

මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන සරත් ඉද්දමල්ගොඩ පියතුමා, වෘත්තීය ධීවරයින් දෙදෙනකු වන ඩබ්ලිව්. ගාමිණී ප්‍රනාන්දු සහ වර්ණකුලසූරිය ක්‍රිස්ටෝපර් සරත් ප්‍රනාන්දු යන මහත්වරු පෙත්සම ඉදිරිපත් කර ඇත.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, වරාය අධිකාරියේ සභාපතිවරයා, පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත සමාගම වන සී කොන්සෝටියම් ලංකා පුද්ගලික සමාගම, සමුද්‍ර දූෂණ වැලැක්වීමේ අධිකාරිය ,මධ්‍යම පරිසර අධිකාරිය, නීතිපති ඇතුළු 12 දෙනෙක් නම් කරනු ලැබ තිබේ.

නීතීඥ මංජුල බාලසූරිය මහතා මගින් මෙම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇත.

Related posts

චීන පොහොර සමාගමට වන්දි ගෙවීමට රජය තීරණය කරයි

colombotoday

සම්මුති ආණ්ඩුවේ පිපිරීමක්.. ඒකාබද්ධ විපක්ෂයේ සහ මෛත්‍රීට !!

colombotoday

ඉන්දියාවෙන් පැන ආ තවත් අයෙක් මුල්ලියාවේලි දී සොයාගනී

colombotoday

ඉන්දියානු සංචාරකයන් රැගත් බහමාස් සද්දන්තයෙක් ත්‍රි‘මලේ වරායට සේන්දු වෙයි

Admin

ජාතික නිදහස් දිනය දා මත්පැන් – මස් අළෙවිසල් වහයි

colombotoday

ආදීවාසී නායකයා ඉදිරිපත් කල රිට් පෙත්සම සලකාබැලීමට දින නියම වෙයි

colombotoday