Colombo Today Local News

හම්බන්තොට වරායේ දූපතේ අයිතිය චීනය ඉල්ලයි… දුන්නැත්තම් ඉතිරි වාරිකය නොදෙන බව කියයි

දිගුකාලීන බදු පදනම යටතේ චීනයට පවරා දී තිබෙන හම්බන්තොට වරාය ආශ්‍රිතව මුහුදේ ඉදිකර තිබෙන විශේෂ දූපත චීනයට පවරා දෙන්නේ නැතිනම් මෙම ගනුදෙනුවේ ඉදිරි වාරිකය ලබාදිය නොහැකි බව අදාළ චීන සමාගම ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

අමෙරිකානු ඩොලර් මිලියන 500ක මුදලක් දූපත ඔවුනට පවරනතුරු ගෙවීම අත්හිටුවා තිබේ.

මහින්ද රාජපක්ෂ රජය සමයේ ඇමරිකානු ඩොලර් මිලියන 60ක් පමණ වැයකොට සංචාරක ප්‍රවර්ධනයට උපයෝගී කරගැනීම පිණිස ඉදිකළ මෙකී දූපත හෙක්ටයාර 110කින් සමන්විතය.

මෙහි අද වෙළෙඳපොළ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ඉක්මන බවද කියැවේ.

කලින් සැලසුම් කර තිබුණේ මෙහි සංචාරක හෝටල් විනෝදාගාර ආදිය ඉදිකිරීමටය. හම්බන්තොට වරාය චීනයටබදු දීමත් සමඟ එම දූපතද එහි ගිවිසුමට අදාළ බව චීනය කියා සිටී.

මෙකී අලුත් දූපත ශ්‍රී ලංකා දේශසීමාවට අයත් නව දූපතක් ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ යුතුය.

එහෙත් තවමත් එලෙස ගැසට් කර නැත.

එසේ දූපත ගැසට් කිරීමට දකුණු පළාත් සභාවේ අනුමැතියද අවශ්‍ය වේ. එහෙත් දූපත මෙලෙස අලුතින් ගැසට් කොට චීනයට පවරාදීමට දකුණු පළාත් සභාවේ දැඩි විරෝධය එල්ල වී ඇතැයි දැනගන්නට ඇත.

එනිසා නව දූපතේ ප්‍රශ්නය බරපතළ අර්බුදයක් බවට පත්වෙමින් තිබේ.

මූලාශ්‍රය – දේශය

Related posts

දුර්ලභ කාසි අලෙවි කිරීමට උත්සාහ කළ 08ක් පැල්මඩුල්ලේදී අල්ලයි

colombotoday

නාලක ගොඩහේවා FCIDයෙන් අත්අඩංගුවට ගනී

colombotoday

සහරාන් ඇතුළු ත්‍රස්තයන් ප්‍රහාරයට පෙර තවත් 38ක් සමග අවසන් පුහුණුව කරපු කදවුරක් නුවරඑළියෙන් සොයාගනී…

colombotoday

ආසියානු සංවර්ධන බැංකුවේ 55 වැනි වාර්ෂික සමුළුව ශ්‍රී ලංකාවේදී

colombotoday

සියලු විශ්වවිද්‍යාල කඩිනමින් විවෘත කිරීමට සැලසුම්

colombotoday

රජය අපහසුතාවයට පත් කිරීම | සුවසැරිය සේවක සංගමය පොලිසියට කැඳවයි. Video

colombotoday