Colombo Today Local Newsfeatured

අසාද් සාලි, මුජුබර් රහුමාන්, රිෂාඩ් බදුර්දීන් 2016 දැමූ පැමිණිල්ලට ඥානසාර හිමිට අධි චෝදනා. මහාධිකරණයෙන් ලක්ෂ 10ක ශරීර ඇප

“කූරගල මහා රහතන් වහන්සේලා දොළොස් දාහකට වැඩිය වැඩ හිටපු මහා ඓතිහාසික තැනක්… සලකනවා සමහරු මේක තමයි මේ දිවා ගුහාව කියන්නේ කියලා… මොකද හරිම ලස්සන සානුවක් එතන තියෙන්නේ. දැන් මේක අල්ලා ගත්තා ඒක අල්ලා ගත්තේ සෙයිලානි මුස්ලිම්ස්ලා… දැන් මේක හරිම කෙළියක්නේ යකෝ… දෙවියෙක් ඇත්තෙත් නෑ… ඒ දෙයියගේ මුහුනකුත් නෑ…. ඉතින් අපි අහන්නේ මොන ලබ්බක්ද පෙන්නන්නේ” යනුවෙන් ප්‍රකාශ කිරීමෙන් එකී මුස්ලිම් ප්‍රජාවගේ ආගමික විශ්වාසවලට නින්දා කල බැවින් දණ්ඩ නීති සංග්‍රහයේ 291 ආ වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදුකල බවට චෝදනා කරමින් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිට අධිචෝදනා පත්‍ර බාරදී තිබෙනවා.

අද (21) කොළඹ මහාධිකරණයේදී මෙම නඩුව කැඳවු අවස්ථාවේදී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අධිකරණයේ පෙනී සිටි අතර උන්වහන්සේ රුපියල් ලක්ෂ 10 ක ශරීර ඇපයක් මත මුදාහරින ලෙස අධිකරණය නියෝග කරන ලද අතර මෙම නඩුව නොවැම්බර් 24 දක්වා කල් තබන ලදි.

2016 වසරේදී මෙම පැමිණිල්ල සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය වෙත ලබා දී ඇත්තේ අසාද් සාලි, මුජුබර් රහුමාන්, රිෂාඩ් බදුර්දීන් යන පුද්ගලයින් විසිනි.

පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් නීතිඥ සංජය ආරියදාස මහතා පෙනී සිටින ලදි.

Related posts

කොමිසමේ විකුර්ති කරුණුවලට අපි බය නෑ. අන්තවාදය රටින් අතුගා දානවමයි. | දළදා වහන්සේ පෙනෙන මානයේ සිට ඥානසාර හිමියෝ කියති

colombotoday

‘තනපට ගලවන සංදර්ශනවලට ආය ඉඩ තියන්නෑ.. සංස්කෘතිය වනසන අයට තලන්න ඕන මඩු වලිගෙන්’ – ජනපති

colombotoday

සරසවි සිහිනය සැබෑ කරන කඩයිම් ලකුණු මෙන්න

colombotoday

ඖෂධ පිළිබඳ ගැටළු විසඳන්න දුරකථන අංකයක්

colombotoday

ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ සියලුම පාසල් වැසේ

colombotoday

පොලීසියට එරෙහිව මහජනතාවගෙන් පැමිණිලි 1200ක්

Admin