Colombo Today Local NewsTop Stories

මහින්දානන්ද, නලීන් – ඊළඟට ජොනී?

අභ්‍යන්තර වෙළෙඳ කටයුතු සහ සමුපකාර ඇමතිවරයා ලෙස කටයුතු කළ සමයේ සතොස සේවකයන් ඔවුන්ගේ නිල රාජකාරි කටයුතුවලින් බැහැරව දේශපාලන හා පෞද්ගලික කටයුතුවලට යෙදවීමේ චෝදනාව යටතේ හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව පැවරූ නඩුව ලබන අගෝස්තු 04 වනදා විභාග කිරීමට කොළඹ මහාධිකරණය දින නියම කරන ලදී.

අද දින මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඉදිරියේ මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේ පැමිණිල්ල වෙනුවෙන් සතොස මූල්‍ය ප්‍රධානී සාක්ෂි ලබා දුන් අතර, සතොස හිටපු අධ්‍යක්ෂවරයා විසින් ප්‍රශ්නගත සේවකයන්ට වැටුප් ගෙවන ලෙස තමාට බලපෑම් කළ බව සාක්ෂිකාරිය කියාසිටියාය.

ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ 2010 – 2015 දක්වා කාලය තුළදී සතොස ආයතනයේ සේවකයන් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කොට එම ආයතන මගින් වැටුප් ගෙවමින් දේශපාලන කටයුතුවල යෙදවීම හරහා, රජයට පාඩු කළ බවට චෝදනා කොට අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ දූෂණය යන වරදට නඩු පවරා තිබේ.

නඩුවේ සෙසු විත්තිකරුවන් වන්නේ සතොස හිටපු සභාපතිවරයෙක් වන එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු අධ්‍යක්ෂවරයකු වන මොහොමඩ් සාකීර්ය.

Related posts

කන්කසන්තුරේ ගැමුණු විහාරය හින්දු සංස්කෘතියට බාධාවක්ලු.. වහා ඉවත් කරන්නැයි බලපෑම්…

colombotoday

ලෝක සෞඛ්‍ය සංවිධානය ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරයි !

colombotoday

රියාජ් බදුර්දීන් අත්අඩංගුවට ගැනීම වලක්වන්න යැයි ඉල්ලු අතුරු තහනම අභියාචනාධිකරණයෙන් ප්‍රතික්ෂේපයි

colombotoday

ඇමති බලතල අවභාවිතා කරලා.. මුදල් ඇමති රවීට නඩු

colombotoday

ඖෂධ අධිකාරියේ දත්ත මැකු එපික් ලංකා ඉංජිනේරුවා යළි රිමාන්ඩ්

colombotoday

තොටලග කජීමා වත්තතේ පැල්පත් නිවාස ආශිතව ගින්නක්

colombotoday