Colombo Today Local News

කන්කසන්තුරේ ගැමුණු විහාරය හින්දු සංස්කෘතියට බාධාවක්ලු.. වහා ඉවත් කරන්නැයි බලපෑම්…

යාපනයේ කන්කසන්තුරේ මාවිදපුරම් ප්‍රදේශයේ ආරක්‍ෂක අංශ විසින් ඉදිකරන ලද ගැමුණු විහාරය නිසා පළාතේ හින්දු සංස්කෘතියට විශාල බාධාවක් එල්ලවී ඇති බැවින් එම විහාරස්ථානය ඉවත් කිරීමට කටයුතු කරන මෙන් කන්කසන්තුරේ ප්‍රාදේශීය දේශපාලනඥයකු උතුරු පළාත් සභාවෙන් ඉල්ලීමක් කොට තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයකු වන එස්. වරදරාසා නමැති එම දේශපාලනඥයා කියා සිටින්නේ මේ බෞද්ධ විහාරස්ථානයේ ශබ්ද වාහිනී යන්ත්‍ර උපයෝගි කරගෙන ආගමික වතාවත් සිදු කරන විට ඒ අවට ඇති කෝවිල් කිසිවක පූජාවන් පැවැත්වීමට නොහැකි බවයි.

උතුරු පළාත් සභාව වෙත ලිපියක් යවන ඔහු කියා සිටින්නේ යාපනයේ කන්කසන්තුරේ එම බෞද්ධ විහාරය පිහිටා ඇති ප්‍රදේශයේ කිසිදු සිංහල බෞද්ධයකු පදිංචිව නොමැති බවයි.

ආරක්‍ෂක අංශවලට ආගමික වතාවත් සිදු කිරීම සඳහා මෙතරම් විශාල විහාරස්ථානයක් අනවශ්‍ය බව කියන එම දේශපාලනඥයා තවදුරටත් කියා සිටින්නේ එම විහාරස්ථානය ඉදිකොට තිබෙන ඉඩම පිළිබඳව වහාම පරීක්‍ෂණයක් ආරම්භ කළ යුතු බවයි.

තමන් විසින් සොයා බැලූ අවස්ථාවේදී එම ඉඩම ආරක්‍ෂක අංශ විසින් බලහත්කාරයෙන් ලබාගෙන විහාරස්ථානය ඉදිකොට ඇති බව පවසා ඇති එම දේශපාලනඥයා කියා සිටින්නේ භික්‍ෂුන් වහන්සේ නමක් මේ විහාරස්ථානයට පැමිණ පදිංචි වීමට පෙර එම විහාරස්ථානය සම්බන්ධයෙන් යම් තීරණයක් ගත යුතු බවය.

Related posts

බිරිඳ සහ බාල පුතුගේ බිරියට කැත්තකින් කොටා ගෙල වෙන් කළ මළ සිරුරු දෙකක් මිදුලේ..

colombotoday

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර කුරණයට අනුව යුක්ති සහගතද?

colombotoday

මා බිහිකළ සුජාත දරුවා අපචාරයට ලක් වෙලා….

colombotoday

විදුහල්පතිට වන්දි ගෙවන්න උතුරුමැද මහ ඇමැතිට නියෝග

colombotoday

මුල්ලිකුලම් නාවික කදවුර ඉවත් කරන්නැයි TNA මෙහෙයවීමෙන් විරෝධතා

colombotoday

ෂරියා නීතියට අතගහන්න දෙන්නේ නෑ – අසාද් සාලි යලි කට අරියි

colombotoday