World

ඔක්ස්ෆර්ඩ් උපාධිධාරි ඇෆ්ගනිස්ථානයේ හිටපු ඇමති දැන් ජර්මනියේ පීසා ඩිලිවරි කරයි.

ඇමරිකාවේ හදිසි පසුබැසීමෙන් පසු තලේබාන් බලය නැවත ලබා ගනු ඇතැයි අපේක්ෂා කළ නමුත් එහි වේගය සියලු දෙනා මවිතයට පත් කළේය. බලයෙන් පහ කරන ලද ඇෆ්ගන් ජනාධිපතිවරයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින අතර තලේබාන් පාලනයට බියෙන් ඇෆ්ගන් ජාතිකයින් දහස් ගණනක් රටින් පලා ගොස් ඇත.

මේ අතර ඇෆ්ගනිස්ථානයේ හිටපු ඇමතිවරයෙකු පීසා බෙදා හරින අයුරු දැක්වෙන ඡායාරුපයක් හේතුවෙන් අන්තර්ජාලය තුළ විශාල කතාබහක් ඇති වී තිබේ.

ඇෆ්ගනිස්ථානයේ හිටපු තොරතුරු හා තාක්‍ෂණ ඇමති සෙයිද් අහමඩ් ෂා සාදත් තැඹිලි පැහැති කමිසයකින් සැරසී පාපැදියකින් පිසා බෙදන අයුරු දැක්වෙන ඡායාරූප ඊයේ (25) සමාජ මාධ්‍ය තුළ හුවමාරු විය.

ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු විසින් පින්තූර ක්ලික් කර ඇති බව වාර්තා වේ

අන්තර්ජාලයේ සැරිසරන පින්තූර තමාගේ බව සදත් විසින්ම ස්කයි නිවුස් වෙත තහවුරු කළ බව වාර්තා විය.

ඔක්ස්ෆර්ඩ් උපාධිධාරියෙකු ලෙස වාර්තා වන සාදත් 2018 දී අෂ්රෆ් ඝානිගේ කැබිනට් මණ්ඩලයට එක්විය. ඔහු ඉවත්වීමට පෙර වසර දෙකක් සේවය කළේය. පසුව ඔහු 2020 දී ජර්මනියට පැමිණියේය.

Related posts

වැදගත් කතාවලදී කාන්තාවන් කට වහගෙන ඉන්න – ජපානයෙන් තීරණයක්

colombotoday

ඔස්කා වේදිකාවේදී ජෝන් සීනා නිරුවතින්

Admin

අවුන්සාන් සුකී හිරකෙරූ අෂින් වීරතු හිමියන් මියන්මාර හමුදාව නිදහස් කරයි

colombotoday

ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නත ගත් නිවේදිකාවක් රුධිර කැටි ගැසී මරුට

colombotoday

වසර මිලියන 27කට පෙර ජීවත් වූ යෝධ රයිනෝ විශේෂයකට අයත් පොසිල වයඹ දිග චීනයෙන් හමු වෙයි

colombotoday

69 වන ඔස්කා සම්මාන උළෙල

Admin