World

අවුන්සාන් සුකී හිරකෙරූ අෂින් වීරතු හිමියන් මියන්මාර හමුදාව නිදහස් කරයි

මියන්මාරයේ මිලිටරි ජුන්ටාව විසින් ජාති හිතෙෂි භිෂුන් වහන්සේ නමක් වන අෂින් වීරතු හිමි නිදහස් කර තිබෙනවා.

බටහිර ගැති අවුන්සාන් සුකී ගේ රජය විසින් අත්අඩංගුවට ගත ඒ හිමියෝ මාස 8කට ආසන්න කාලයක් සිරගත කර තැබිණි.

අවුන්සාන් සුකීගේ රජය බලයෙන් පහකර එරට හමුදාව මියන්මාර පාලනය පසුගිය පෙබරවාරි මාසයේදී සියතට ගැනිණි.

විශේෂයෙන්ම මුස්ලිම් ව්‍යප්තවාදයට එරෙහිව අදහස් දැක්වූ වීරතු හිමියන් බටහිර මාධ්‍ය විසින් “බෞද්ධ බින් ලාඩන්” ලෙස නම් කර ඇත.

Colombo Today කිහිප වරක් අශින් වීරතු හිමියන් වැඩ වාසය කරන මණ්ඩලේ නගරයේ පිහිටි විහාරස්ථානයට ගොස් ඇති අතර කුඩා සාමනේර හිමිවරු 3500 කට අධික පිරිසකට අධ්‍යාපනය ලබා දෙමින් ඒ හිමියෝ ඉතා සරල ජීවිතයක් ගත කරන අයුරු දැකගන්නට හැකි විය.

2019 වසරේදී සුකී ගේ රජයට එරෙහිව “උපහාසයක්” ඇති කිරීම සම්බන්ධයෙන් උන්වහන්සේට චෝදනා එල්ල විය.

කෙසේ වෙතත් ජන බලය නිසා පොලීසියට වීරතු හිමියන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ අතර, පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී බලධාරීන්ට යටත් වීමට විය.

ඊයේ දින හමුදා රජය උන්වහන්සේට එරෙහි සියලු චෝදනා ඉවත් කර ඇති බව නිවේදනය කර ඇත.

මේ වනවිට වීරතු හිමියෝ හමුදා රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිති.

Related posts

ගෝලීය කෝවිඩ් ආසාදිතයින් එක්කෝටි විසිඅට ලක්ෂය ඉක්මවයි

colombotoday

ඇතින්නක් සිටගෙන සිටි ඉරියව්වෙන් ම මරණයට පත් වූ පුවතක් කේරළයෙන්

colombotoday

ඇෆ්ගනිස්තානයේ පාලනය “ඉස්ලාමීය එමිරේට් රාජ්‍යය” ලෙස තබ්ලිග් ජමාත් මතධාරී තලේබාන් ත්‍රස්තයන්ට. “ඉල්ලා අස්වෙනු” ට්‍රම්ප් බයිඩන්ට කියයි.

colombotoday

ඇමරිකාවට බෝම්බ ප්‍රහාරයක් !

colombotoday

අමෙරිකාව තුළ TikTok තහනම් කිරීමට ගත් ට්‍රම්ප්ගේ තීරණය අත්හිටුවයි

colombotoday

ඇෆ්ගනිස්තාන සෞඛ්‍ය ඇමැතිට කොරෝනා

colombotoday