එම්.කේ.ඩී.එස් ගුණවර්ධන මහතාගේ අභවයෙන් පුරප්පාඩු වූ එජාප ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයේ දිවුරුම් දුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට අමාත්‍ය ධූරයක් පිරිනැමීමට සූදානම් වන අතර ලබන 23 වනදා අමාත්‍යවරයෙකු වශයෙන් ඒ මහතා දිවුරුම් දීමට නියමිතය.
දේශපාලන ආරංචි මාර්ග කියා සිටියේ උතුරු මැද, මධ්‍යම සහ ඌව යන පළාත්වල මහනගර සංවර්ධන අමාත්‍ය ධූරය ෆොන්සේකා මහාතාට හිමිවනු ඇති බවයි.
ඒ අනුව මහා නගර සංවර්ධන ඇමතිවරයාව සිටින චම්පික රණවක මහතාට එම පළාත් තුනේ කටයුතු සඳහා මැදිහත් නොහැකි වනු ඇත.