Colombo Today Local News

පෙම්වතුන්ගේ දිනය දා කාත්තන්කුඩියේ පෙම්වතුන්ට අනතුරු ඇඟවීමක් !

ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන් මුස්ලිම් ජනතාව ජීවත් වන ප්‍රදේශයක පෙම්වතුන්ගේ දිනය ඉලක්ක කර ගත් අවවාදාත්මක පෝස්ටර් අලවා තිබෙනු දැක ගත හැකි වූ බවයි ශාන්ති සෙල්වදොරේ මඩකලපුවේ සිට බීබීසියට වාර්තා කළේ.

ඇය වැඩි දුරටත් කියා සිටියේ ප්‍රදේශය පුරා පෙම්වතුන්ගේ දිනය සැමරීම සම්බන්ධයෙන් අවවාදාත්මක අත් පත්‍රිකාද බෙදා හැර ඇති බවයි.

‘අවවාදයයි! ආදරයේ නාමයෙන් කන්‍යාභාවය සොරකම් කරන දිනය’ යන්න මුද්‍රණය කර තිබූ පෝස්ටර නැගෙනනහිර පළාතේ කාත්තන්කුඩි නගරයේ බිත්ති පුරා අලවා තිබුණි.

තවත් පෝස්ටරයක ‘ආදරය කිරීමට මව, සහෝදර සහෝදරියන් සහ යහළුවන් සිටියි නම් පෙම්වතුන් කුමටදැයි?’ ප්‍රශ්න නගා තිබූ බව ශාන්ති සෙල්වදොරේ පවසයි.

‘අල්ලා දෙවියන් ඔබව නිරීක්ෂණය කරනු ඇත’ සහ ‘පාරිශුද්ධ දේශයක් සඳහා වූ ප්‍රගතිශීලී මාර්ගය’ යන ඉස්ලාම් ආගමික වැකිද පෝස්ටර් වල මුද්‍රණය කර තිබිණ.

BBC

Related posts

විශේෂ පාර්ලිමේන්තු සැසිවාර දෙකක් ප්‍රකාශයට පත්කරයි

colombotoday

විදුලි බිල නගී.. 66% ගාස්තු සංශෝධනයට බිල වැඩි වෙන්නේ මෙහෙමයි

Admin

පොළොන්නරු පොහොට්ටු නායකත්වය රෝෂාන්ට…. මෛත්‍රී රොෂාන් යටතට !

colombotoday

බුදුන්වහන්සේටත් කොකා පෙන්නූ අයවැයක් – ගම්මන්පිල කියයි

Admin

කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැපැල් සේවා කටයුතු තාවකාලිකව අත්හිටුවයි

colombotoday

තමන්ගේ ආසනය දිනාගන්න බැරි සජිත්ට කොහොමත් පක්ෂය බාරදෙන්න බෑ – සිරිකොත

colombotoday