ඊයේ (22) රාත්රියේදී ඇල්ල ප්රදේශයේ සංචාරය කළ පුද්ගලයෙකු අවාසනාවන්ත අනතුරකට මුහුණදී ජීවිතක්ෂයට පත්වී තිබේ.
ඊයේ උදෑසන මිතුරෙකු සමග ඇල්ල කඳුවැටියට නැග සවස් කාලයේදී ඉන් බැසීමට ගිය පුද්ගලයෙකු ප්රපාතයකට ඇදවැටී මෙලෙස මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.
ඔහු බොරගොල්ල බේරුවල ප්රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි.
මෙලෙස රාවනා ඇල්ල ප්රදේශයෙන් ඇද වැටුණු පුද්ගලයාව වැල්ලවාය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණත් ඔහු මියගොස් තිබූ බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.