Colombo Today Local NewsTop Stories

එක්නැලිගොඩ තීන්දුවට එරෙහිව ඥානසාර හිමිගෙන් ඇපෑලක්…

කොටි ත්‍රස්තයන්ට ඔත්තු සැපවූ බවට චෝදනා ලබා සිටි මාධ්‍යවේදියෙකු ලෙස පෙනී සිටි, ප‍්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩට හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණය තුළදී බැන තර්ජනය කළායැයි කියන සිද්ධියක් සම්න්ධයෙන් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම්, රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වරදකරු කරමින් හෝමාගම මහේස්ත‍්‍රාත් උදේස් රණතුංග මහතා පසුගිය 24 වනදා තීන්දු කළේය.

සාපරාදී තර්ජනය කිරීම සහ අඩන්තේට්ටම් කිරීම යන චෝදනා දෙකට ඥානසාර හිමි වැරදිකරු බවත් දඬුවම් නියම කිරීම ලබන මස 14 වනදා සිදු කරන බවත් මහෙස්‌ත්‍රාත්වරයා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර සිටියේය.

කෙසේ වෙතත් දඬුවම් නියම කිරීමෙන් පසු අදාළ තීන්දුවට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කිරීමට සුදානම් වන බව බොදු බල සේනා සංවිධාන ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා. මේ වන විට එම ඇපෑල සැදීමේ කටයුතු සිදුවෙන බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

Related posts

යහපාලන සංවත්සරය අදයි.. අවුරුද්දක කෙරුවාව මාතරදී නටා පෙන්වයි

colombotoday

මේ විනාසයෙන් රට බේරාගත හැකි එකම පුද්ගලයා ඔබයි – ගැටඹේ හිමි ගෝඨාභයට කී කතාව

colombotoday

නිධන් හාරන්න ගිය තිදෙනෙක් මාට්ටු

colombotoday

“ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේ මධ්‍යස්ථානය වෙලා“ – අගමැති

colombotoday

බදියුදීන් නොනවතී… විල්පත්තු සංහාරයට එරෙහිව සමාජ ජාලා විරෝධය යළි ඇවිලේ…

colombotoday

කන්දකාඩුවේ ආසාදිතයන් ඇසුරු කළ 60 ක් නිරෝධායනයට

colombotoday